Posts

Black Wolf Fish / Hoplias curupira ,Oyakawa & Mattox,2009

Image
මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව නිජබිම කරගත් Hoplias ගණය ට මේ වනවිට හඳුනාගත් මත්ස්‍යය   විශේෂ 13ක් අයත් වේ. මොවුන් ගේ ශරීර ප්‍රමාන සැලකු විට සෙන්ටි මීටර 100ක් පමණ දක්වා වැඩෙන Hoplias aimara සහ Hoplias macrophthalmus මෙම ගණයේ විශාලතමයන් වන අතර සෙන්ටි මීටර 15ක් පමණ වන Hoplias teres කුඩාතමයා වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ Trahiras ලෙස පොදුවේ හඳුන්වන මොවුන් අයත් වනුයේ Erythrinidae මත්ස්‍යය කුලයට ය. බ්ලැක් වුල්ෆ් මසුන් දකුණු ඇමෙරිකාවට ආවේනික වේ. Hoplias යන ගණ නාමය Hoplon යන ග්‍රීක වදනින් බිඳී ආවක් වන අතර එහි අරුත ආයුධය ( weapon) යන්න ය. Curupira යන වදන බ්‍රසීලියානු ජන ශ්‍රැති වල එන චරිතයක් වන අතර ස්වදේශිකයන් විසින් කුරුපිරා විසින් වනාන්තර ආරක්ෂා කරනු ලබන බවට විශ්වාස කරයි. පුරාවෘත වලට අනුව කුරුපිරා ස්වදේශික Amerindian ජන වර්ගයේ දරුවෙක් වන අතර ඔහුගේ දෙපා වල පතුල් පිටුපසට පිහිටා ඇත. ව්‍යාප්තිය හා වාසස්ථාන. දකුණු ඇමෙරිකාවේ උතුරු කොටසේ පුළුල් ව්‍යාප්තියක් පෙන්වන බ්ලැක් වුල්ෆ් මසුන් වෙනිසියුලාව , ගයානාව , සුරිනාමය සහ බ්‍රසීලයේ ඇමසෝන් සහ ඔරිනෝකෝ ගංගා ද්‍රෝණි සහ ඒවායේ අතු ගංග

ස්නේක්හෙඩ් මසුන් අතර රජු, බාර්කා ස්නේක්හෙඩ් (Channa barca, Hamilton,1822)

Image
හැඳින්වීම Channidae පවුලට අයත් චන්නා බාර්කා දුර්ලභ , අලංකාර මත්ස් ‍ යය විශේෂයකි . King of Snakehead යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොවුන් මුලින්ම Ophicephalus barca යන නාමයෙන් හැඳින්වුවද ගණ නාමය වෙනස් වීමත් සමඟ Channa barca ලෙස නාමකරණය කරන ලදී . අලංකාර බව හා දුර්ලභ බව නිසාම මිලෙන් අධික මත්ස් ‍ යය විශේෂයක් වන මොවුන් ශ් ‍ රී ලංකාවේ දී   යුවලක් $ 2000-2500 ක් පමණ මිල වේ . සාමාන් ‍ යය ව් ‍ යවහාරයේ දී බාර්කා ස්නේක්හෙඩ් ලෙස හඳුන්වන මොවුන් බංග්ලාදේශයේ දී Pipla shol, Pipla, Tila, Bakk-lati, Tila shol යන නම් වලින් හඳුන්වන අතර   මසුන් ජීවත් වන ප් ‍ රදේශ අනුව වර්ණ ප් ‍ රභේද තුනක් දැකිය හැකිය . ප් ‍ රධාන වශයෙන් නිල් වර්ණයද , අමතර ව කොළ වර්ණය ද ඇති අතර ඉතා කලාතුරකින් කළු වර්ණයෙන් යුතු මසුන් ද දැකිය හැකිය . වර්ෂා සමයන් හි දී වනාන්තර වල සිට පැමිණෙන   දිය පහරත් සමග කුඹුරු බිම් වලට ගසාගෙන ආ බාර්කා මසුන් ඉන්දීය ගොවියන්ගේ හොඳ ආදායම් මාර්ගයක් වන අතර ඔවුන් එකතු වී ගැනුම් කරුව