අපේ මුහුනු පොතේ සමූහය

ආයුබෝවන් !!!
සියලුම සාමාජික සාමාජිකාවන් අනිවාර්යෙන් කියවිය යුතුය..
" විසිතුරු මසුන් " මුහුණු පොත් සමූහය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමු
ඔබ මෙම සමුහයට එක් වන්නේ "ජලජ පරිසරයක ඇතිකලහැකි ඕනෑම සතෙක්" පිළිබදව එනම් ජලජ ජීවින් සදහා ඔබ ඔවුන්ට දක්වන කරුණාව ආදරය වගේම නිවසේ ඇති කළ හැකි ඔබේ හෝ ඔබේ නොවුනත් ඔබේ සබදතාවයක් ඇති ජලජ ජීවින් ගේ ආදරණීය දර්ශන සුන්දර හැසිරීම් ඇතුලත් පින්තුර වීඩියෝ ආදිය හුවමාරු කරගැනීම සේම ඉන් ඔබ්බට ජලජ ජීවින් ගේ ආරක්ෂාව, ලෙඩ රෝග සනීපාරක්ෂාව, ජලජ ජීවින් පිලිබදව නීතී රීති ගැන දැනුවත් වෙන්න, දැනුම බෙදා ගන්න, ,ආදී වශයෙන් ජලජ ජීවින් වෙනුවෙන්ම වෙන් වූ අහිංසක අරමුණක් සමග එක් වන්න පමණයි.
මෙහිදී මෙම සුන්දර නවාතැනේ සාර්ථක පැවැත්මත් එහි අරමුණ මත සාමාජික සාමාජිකාවන් දැනුවත්ව ක්රිණයාත්මක වීමටත් සමුහයේ සාමුහික පරිපාලනය විසින් පහත සදහන් උපදෙස් මාලාව ඉදිරිපත් කරනු ලැබේ .
■ සමූහය තුල අදහස් පලකිරීමේදී හැකි තාක් දුරට සිංහලෙන්ම ලිවීමට ආරාධනා කරන අතර ඉංග්රී‍සි බස යොදා ගැනීමේ වරදක් නැත
■ සමුහය තුල කිසිදු ආකාරයකින් තර්ජිත හෝ නොවන දේශීය මසුන් විකිනීමට ඉඩ නැති අතර දැනට ඇති කරන සත්වයෙක් තමාට නඩත්තුව අපහසු නම් සත්වයාගේ පහසුව ආරක්ෂාව වෙනත් කෙනෙකුට නොමිලේ ලබාදීමට පමණක් අවස්තාව ඇත.
■ මෙම සමුහයේ හෝ වෙනත් සමුහයක පේජයක හෝ ගිණුමක පළවූ අන්අයගේ පොස්ට් ඔබේ ලෙසින් නැවත නොදැමීමට කාරුණික වන්න.
■ .තමාගේ හෝ තමාගේ හිතවතෙකුගේ,සමීපතමයෙකු ගේ ආදී වශයෙන් සත්ය්ය සදහනක් කර ජලජ ජීවින්ගේ චායාරූප වල අනන්ය තාවය තහවුරු කර පල කරන්නේ නම් වඩා අගේය.
.■අන්තර්ජාලයෙන් උපුටා යම් දෙයක් " සමූහයේ අරමුණට අදාලව " පලකරන්නේ නම් ඒ බව සඳහන් කල යුතු අතර එසේ කරන පලකිරීම්ද අසීමිත ලෙසින් නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු .
■මෙහිදී පුද්ගලයන්ගේ පෞද්ගලික තත්වයන් ,රැකියා, පක්ෂ බේද ජාති ආගම් බේද දේශපාලනය ගැන කිසිදු කතා බහක් ඇති නොවිය යුතුය. එවන් විටදී එය නොදැනුවත් ව සිදු වූ බව සලකා පළමු දැනුම් දීමෙන් ඒ කතිකාව ඉවත් කරන අතර, ඉන් ඔබ්බට ගිය හොත් ඔවුන්ගේ සාමාජිකත්වයද ඉවත් කිරීමට සිදුවන්නේ සමුහයේ අරමුණ සාක්ෂාත් කර ගැන්මටය.....
■ " විසිතුරු මසුන් " සමූහය හරහා දැන හඳුනා ගෙන පෞද්ගලික පණිවිඩ හුවමාරුවෙන් පසු ඇතිවන ඕනෑම අගති ආකාරයේ සිදුවීමක් හෝ සිදුවීම් සම්බන්ධයෙන් මෙම සමූහයේ පරිපාලකයන් " වගකීමෙන් නිදහස් වන බව " මෙසේ දන්වා හිඳින්නෙමු...
■ සමූහයේ මූලික පරමාර්ථයන්ට එපිටින් යමෙක් යන්නේද , සමුහයේ පරිපාලකයින් ට අනවශ්යබ පොස්ටු දමා බැන වදින්නේද , සමුහයේ සාමාජික සාමාජිකාවන් වෙතට පෞද්ගලික පළිගැනීම් පරමාර්ථයෙන් අනවශ්යඅය ගැටළු ඇති කල හැකි යම් දෙයක් සමුහය හරහා කරන්නට උත්සාහ කරන්නේ ද දැනගත් මොහොතේ පටන් ඔහුට හෝ ඇයට ප්රඅවේශ හැකියාව අප විසින් අවහිර කරනු ලැබේ.. සාමාජිකයෙක්ට කුමක් හෝ සමුහය තුලදී එවැනි ගැටළුවක් සිදු උනි නම් එම අදාළ පෝස්ටුවේ /කොමෙන්ටුවේ දත්ත සමග (screen shot) ඕනෑම ඇඩ්මින්වරයෙක් (Chathuranga Bandara Hippola Janakie JosephRashitha Hansaka/Akila de Silva සහ Dushan de Silva Bhasuru Prabashwara Dissanayake ) සම්බන්ද කර ගෙන කරුණු ඉදිරිපත් කල හැකිය..
■ වෙනත් සමුහයන් පිලිබදව ලින්ක්, කමෙන්ට්,බ්ලොග් ආදි ප්රනවර්ධන කටුතු පල කරන අයව සාමාජිකත්වයෙන් ඉවත් කරන බව ඉතා කරුණාවෙන් සලකන්න.
■ සෑම අවස්ථාවකදීම සමූහය තුල සුහඳත්වය සහෝදරත්වය රඳවා ගතයුතු බව සලකන්න.... සංවාද තුල අදහස් පලකිරීමේදී තම තමන්ගේ වාචික සංවරය සහ සංයමය පවත්වා ගැනීම තම තමා සතු කටයුත්තක් බවද සලකන්න... සමූහයේ අරමුණට නොගැලැපෙන ආකාරයේ ඕනෑම හැසිරීම් රටාවක් ඇති මෙන්ම අසබ්යට ගිණුම් හා දර්ශන, කමෙන්ට් ,අසබ්යම වචන,පමණ ඉක්මවා යන විහිළු ප්රඇදර්ශනය කරමින් සමුහයේ අනිකුත් සාමාජික සාමාජිකාවන් අපහසුතාවයට පත් කරනන් හට පූර්ව දැනුම් දීමකින් තොරව ප්ර වේශ වීමේ හැකියාව අවහිර කරනු ඇත. එසේම එවැන්නන් හදුනා ගැනීමට අපට සහය දැක්වීම සාමාජික ඔබේද යුතුකමක් බවද මතක් කර සිටින්නෙමු ...
■ එලෙසින්ම , සමූහයේ ගුණාත්මක භාවය රැකගැනීම සහ එය පවත්වාගැනීම වෙනුවෙන් අප ඕනෑම තීරණයක් ගන්නට නොපැකිලෙන බවද දන්වා සිටින්නෙමු..
■ සාමාජිකයන් වැඩි වන විට නව කොන්දේසි ඇතුලත් වීමට ඉඩ ඇත....
.ඉහත සඳහන් සියළුම කරුණු " විසිතුරු මසුන් " සමූහයේ සහ ඔබ සැමගේම හිතසුව පිණිස ගන්නා ලද තීරණයන් බවත්. සමූහයේ පැවැත්මට හා මෙම උපදෙස් මාලාවට අනුව සමූහයට ඔබෙනුත් සමුහයෙන් ඔබටත් යහපත් දෑ හුවමාරු කරගනිමින් ඔබේ සුරතලුන්ට සුන්දර නවාතැනක් කරන්නට ඔබ හැමට සහෝදරත්වයෙන් , මෙත් සිතින් ආරාධනා කර සිටින්නෙමු...
ඔබ හැමටම ස්තූතියි
■ " විසිතුරු මසුන් " සමූහ පරිපාලකයන්ව හා ඔවුන්ගේ තීන්දූ තීරණයන් කිසිවෙකුට ප්‍රශ්ණ කල නොහැකිය. සමූහ පරිපාලකයන් ගේ තීන්දූ තීරණයන්ට යමෙක් අකමැතිනම්, ඔහුට හෝ ඇයට මෙම සමූහයෙන් පිටවයාහැකිය.

Comments

  1. Bowl එකක හදන්න පුළුවන් මාළු වර්ග මොනවාද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2