Posts

Showing posts from October, 2017

ගෙදර මඩුවෙක් ඇතිකරමු ද?

Image
Motoro Stingray / Potamotrygon motoro මඩු වලිගය ගැන මේ කාලේ නොදන්නා කෙනෙක් නැති තරම් නේ.. අද කියන්න යන්නේ මේ මඩුවෙක් ගැන තමා . මිරිදිය මඩුවන් , තේරෙන විදියට කිව්වොත් Freshwater Stingray ගැන අන්තර්ජාලයෙන් දැනගත්ත තොරතුරු තමා මේ .. හැඳින්වීම Motoro Stingray කියන්නේ Stingray පවුලේ ඉතා පහසුවෙන් හඳුනාගන්න පුළුවන් මත්ස්‍යයෙක්. ඒ වගේම පසුගිය වසර කිහිපය තුල මෙයාල මසුන් ඇතිකරන්නන් අතර බොහොම ජනප්‍රිය උන මත්ස්‍යය විශේෂයක් . ඒ නිසාම දැන් සුලභව දකින්න පුළුවන් වෙලා තියෙනවා. මෙයාල ගෘහස්තව  ඇතිකිරීම ටිකක් අභියෝගාත්මක වැඩක් උනත් නිවැරදි තත්ත්ව , පරිසරය හා අවශ්‍ය ඉඩ පහසුව ලබා දෙනවා නම් පහසුවෙන් සෞඛ්‍යසම්පන්න ස්ටින්ග් රේ මත්ස්‍යයකුගේ ආඩම්බරකාර අයිතිකාරයෙක් වෙන්න බැරි නෑ . Motoro stingray සතු විශේෂිත ශරීර ලක්ෂණ නිසාම අනෙකුත් stingray විශේෂ අතුරින් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් . Laticeps Stingray, Ocellate Stingray, Spotted River stingray, Royal Motoro Stingray වැනි විවිධ නම් වලිනුත් මෙයාල ව හඳුන්වනවා. මසුන් ඇතිකිරීම ගැන දැනුම , අත්දැකීම් ඇති අය සඳහා නිර්දේශ කරන Motoro stingray මිල දී ගැන