කපු හැන්දා හෙවත් Mono Fish ( Monodactylus argenteus)
ගොඩක් අය මේගොල්ලෝ ගන්න
අහන නිසා මේ විස්තරේ ලියන්න හිතුන.සමහරු මේ මසුන් මිරිදියේ හදන්න පුළුවන්
අවුරුද්දක් හිටිය දෙකක් හිටිය කිව්වට ඒක අසාර්ථකයි කියල මේක කියෙව්වම දැනගන්න
ලැබෙයි. මොකද අවු 7-10 ආයු කාලයක් හිමි මාලුවෙක් අවුරුද්දෙන් දෙකෙන් මැරෙන්නේ එයාට
ඕනේ වතුර තත්වය නොලබුනාම .
හරිම ලස්සන රිදී පැහැති
මෙම මත්ස්යයන් කිවුල්දිය/කරදිය මසුන් ඇතිකරන්නන් අතර ඉතා ජනප්‍රියයි. දීප්තිමත්
වර්ණ, ශරීර හැඩය වගේම ගොඩක් ලොකුවට වැඩෙන්නේ නැති මත්ස්‍යයෙක් වීම නිසා බොහෝදෙනෙක්
මෙයාලට කැමතියි.
වර්ෂ 1758 දී Linnaeus
විසින් හඳුනාගන්නා ලද මේ මත්ස්‍යා ගේ ව්‍යාප්තිය පුළුල් පරාසයක විහිදෙනවා. රතු
මුහුද, ඕස්ට්‍රේලියානු මුහුදු කලාපය ,නැගෙනහිර අප්‍රිකානු සහ නිරිතදිග ආසියානු
මුහුදු කලාප මොවුන්ගේ නිජබිම් ලෙස සැලකෙනවා. Silver Moony, Silver Moonfish, Moonfish, Silver Batfish, Diamond
Moonfish, Diamond fish, Finger fish, Kite fish , Singapore Angelfish, Moony ,
Moonyfish, Malayan angel වැනි විවිධාකාරයෙන්
හඳුන්වන මෙයාලටම තමා ලංකාවේ අපි කපුහැන්දෝ කියල කියන්නෙත්.
ගන්මෝය අසල, නොගැඹුරු
වෙරළේ ගල්පර ආශ්‍රිතව හෝ වඩදිය නිසා ඇති වූ දිය කඩිති වල මෙයාලා රංචු වශයෙන්
දකින්න පුළුවන් . වැඩුණු මසුන් සාමාන්යෙන් වෙරල තීර ආශ්‍රිතව ජිවත් වන අතර පැටවුන්
හමුවන්නේ කිවුල් දියේ දී .
දීප්තිමත් රිදී වර්ණ
සිරුර පැතලියි. රුයිත ¸ ( ඩයමන්ඩ් / කිරිබත් කැට හැඩ) හැඩයක් ගන්නවා. පෘෂ්ටිය,
ගුද හා වල්ගා වරල් කහ පැහැතියි. සිරුරේ සිරත් අතට කළු සිහින් පැල්ලම් දෙකක්
දකින්නට ලැබෙනවා. එක් පැල්ලමක් ඇස හරහා වන අතර අනෙක ඊට පසු පසින් පෘෂ්ටිය වරල හා
ගුද වරල යාකරමින් පිහිටනවා. පැටවුන්ගේ වරල් වල කහ පැහැය වැඩුණු මසුන්ට වඩා
දීප්තියෙන් වැඩියි.සිරුරේ හැඩයෙන් මොවුන් මිරිදිය ඒන්ජල් මසුන්ට සමානතාවයක්
දක්වනවා. ස්වභාවික පරිසරයේ දී අඟල් 11ක් පමණ දක්වා උපරිම වර්ධනයක් පෙන්වන මොවුන්
ටැංකි තුල නම් අඟල් 6ක් පමණ ලොකු වෙනවා. උපරිම ආයු කාලය වසර 7-10 ක් අතර වෙනවා.
මෙම මසුන් ඇතිකරන්න නම්
මසුන් ඇතිකරලා ටිකක් අත්දැකීම් තියෙන කෙනෙක් වීම වඩාත්ම සුදුසුයි. කිවුල්දිය හෝ
කරදිය තමා මෙයාලට සුදුසු. මාළුවා වර්ධනය වෙනකොට වතුර මාරු කිරීම ගැන හොඳ අවබෝධයක්
තියෙන්න ඕනේ. (මොකද මෙයාලගේ කුඩා අවධිය කිවුල් දියේ ගෙවුනට ලොකු උනාම ඉන්නේ කරදියේ).
මීට අමතරව අවශ්‍ය වෙන්නේ ඉඩකඩ ඇති ටැංකියක්, පිරිසිදු ජලය සහ හොඳ පෙරහන්
පද්ධතියක්. විවිධ ආහාර වර්ග ගන්නා නිසා කෑම ලබාදීම නම් කරදරකාරී නෑ.
මොනෝ කියන්නේ
සර්වභාක්ෂකයෙක්. ස්වභාවික පරිසරයේ දී නම් ශාකමය ආහාර වගේම කෘමින්, කැටකැබිලිති (Detritus) වැනි දේ කෑමට ගන්නවා. ගෘහස්තව
ඇතිකරනකොට වියලි ආහාර දෙන්න පුළුවන් උනත් විවිධ වූ ආහාර ලබාදීමයි සුදුසු. ශීතකළ හෝ
අමු Bloodworms, Brineshrimps වගේ කෑම වර්ග වගේම ඇල්ගී ,නිවිති, සලාද කොළ , තැම්බූ
බෝංචි වගේ ශාකමය ආහාර ඒ සඳහා යෝදාගන්න පුළුවන්.
බොහොම කලාතුරකින් මොනෝ
කෙනෙක් මිරිදියේ ජිවත් උනත් මෙයාල ඇත්තටම කිවුල්දිය මසුන්. කෑමට කෑදර මොවුන්
ඉක්මනින් ලොකුවෙනවා වගේම ටැංකියට එක් කරන අපද්‍රව්‍ය ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා
හොඳ පෙරහන් පද්ධතියක් නම් අත්‍යවශ්‍යයි. අපද්‍රව්‍ය ගොඩක් එක් කරාට මොකද මෙයාල හොඳ
පිරිසිදු ජලයේ තමා ජිවත් වෙන්නේ. අඩුම වශයෙන් සතියකට වරක් 30%ක පමණ වතුර මාරුවක්
කරන්නම ඕනේ.
ටැංකිය පුරාම පිහිනන
මාලුවෙක් වෙන මෙයා රංචු විදියට යි ඉන්නේ. ඒ නිසා අඩුම මසුන් පහක් හෝ වැඩි ගණනක්
එකට ඇතිකිරීම යි සුදුසු. ටැංකි ප්‍රමාණය අවම ගැලුන් 55ක් ( ලීටර් 208 ) පමණ සුදුසුයි.
මත්සයාගේ වර්ධනයත් එක්ක සාපේක්ෂව ටැංකියේ ප්‍රමාණය වැඩි වෙන්නත් වගබලාගන්න ඕනේ.
ටැංකිය කිවුල්දිය වෙන්න ඕනේ. කරදිය ටැංකි සඳහා යොදාගන්න ලුණු මිශ්‍රණය ඒ සඳහා
යොදාගන්න පුළුවන්. සාමාන්යෙන් වතුර ගැලුන් 1 කට එම මිශ්‍රණයෙන් තේ හැඳි 2-3ක් ප්‍රමාණවත්.
කිවුල්දියේ වගේම කරදියේ ත් මෙයාල හොඳින් ජිවත් වෙනවා.
ටැංකියේ පතුලට බොරළු/
වැලි යොදාගැනීම සුදුසුයි. බොරළු යොදන්නේ නම් කාර්යක්ෂම under
graval ෆිල්ටර් එකක් යොදාගන්න පුළුවන් . ඒ මගින් ටැංකිය පිරිසිදු කරන අතරම හොඳ
ඔක්සිජන් ප්‍රමාණයක් පවත්වාගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ කැනිස්ටර් ෆිල්ටර්
එකකින් උනත් මේ කාර්ය කරගන්න පුළුවන්. ටෑන්ක් සෙටප් එක ගැන කියනවා නම් පිහිනන්න
හොද අවකාශයක් වගේම විනෝදෙන් ඉන්න පුළුවන් විදියට කොට , මුල් වගේ දෙයක් එකතු කරන්න
පුළුවන්. PH අගය 7.2-8.5 අතර සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.9- 27.8 අතර පවත්වා
ගැනීම හිතකර බවයි සඳහන් වෙන්නේ.
කලින් කිව්වා වගේ මෙයා
රංචු ගැහිලා ඉන්න මාලුවෙක්. සාමාකාමී උනත් තමන්ගේම කට්ටිය එක්ක පොඩි පොඩි රැඳු
ඇතිකරගන්නවා. මෙයාල රංචුව තුල තමුන්ට ම කියල අනන්‍යතාවක්, තැනක් හදාගන්නවා. ඉතින් ලොක්කෝ
පොඩ්ඩොන්ට අරියාදු කරනවා. මසුන් දෙතුන් දෙනෙක් ඉන්නා විට මේ තත්වය දක්නට නොලැබුනත්
රංචුවක් ඉන්නකොට මේ තත්වය නිරීක්ෂණය කරන්න පුළුවන්. කෑම ගද්දි උනත් ලොක්කාට මුල්
තැන දෙන්නෝනේ . ඒකයි මෙයාලගේ ස්වභාවික හැසිරීම විඳින්න නම් 5ක් හෝ වැඩි ගණනක් ඇති
කරන්න ඕනේ. ටැංකියේ ඉන්නා අනිත් මසුන් එක්ක සාමකාමී ව හිටියත් කුඩා මසුන් / shrimp
වර්ග නම් ආහාරයට ගන්න පුළුවන් .ඒ වගේම මෙයාල පහසුවෙන්ම විශාල මසුන්ගේ ප්‍රහාරයට
ලක් වෙන්නත් පුළුවන්. මෙයාලත් යාලු මාළුවෝ තෝරද්දී ඒ ගැන හොඳින් සැලකිලිමත් වෙන්න
ඕනේ. ලොකු මොලී වර්ග , දිමිත්තෝ (Archer Fish) , Scat fish සහ කිවුල්දිය goby වර්ග තමා මෙයාල එක්ක හදන්න
සුදුසු ම වර්ග.
කෘතීම පරිසර තත්ත්ව වලදී
මෙයාලගේ අභිජනනය සිදුවෙලා නැති බවයි සඳහන් වෙන්නේ. අහම්බෙන් බිත්තර දැමු අවස්ථා
වාර්තා වී ඇතත් සාර්ථක වෙලා නම් නෑ. දැනට ලංකාවේත් ස්වභාවික පරිසරයෙන් අල්ලන මසුන්
තමා විකුනන්නේ. ඔයාලත් දැකලා ඇති මෙයාල වෙළඳපොළට එන්නේ එක්තරා කාලෙකට විතරක් බව.
ටැංකිය හොඳින් නඩත්තු
කරනවා නම් මෙයාල හොඳ සෞඛ්‍යසම්පන්නව ඉන්නවා. ටැංකියට පිටතින් එකතු කරන දේ වලින්
බැක්ටීරියා වැනි දේ එකතු නොවෙන්න වගබලාගන්න ඕනේ. ටැංකියකට දැම්මා ම මෙයාල හරි
ඉක්මනට තමා ඉන්න පරිසරයට හුරු වෙනවා.
දැන්වත් මෙයාල මිලදී
ගනිද්දී දෙපාරක් හිතන්න. මුලින් කිව්වා වගේ ස්වභාවික පරිසරයේ අවු 7-10 ඉන්න
මෙයාල අවුරුද්දක් දෙකක් හිටියා කියන්නේ
සාර්ථකව මිරිදියේ ඉන්න පුළුවන් කියන එක නෙමේ, මිරිදියේ ඉන්න පුළුවන් කාලය ඉවර උනාම
මෙයාල මැරෙන එකයි වෙන්නේ.
තොරතුරු අන්තර්ජාලය
ඇසුරෙනි
©janakiecjoseph
Comments
Post a Comment