Posts

Showing posts from February, 2018

දඟකාර රෝසි බාර්බ් මසුන් ගැන දැනගනිමු.

Image
Rosy Barb   ( Pethia conchonius) කලින් Barbus conchonius කියන නමින් හැඳින්වුන රෝසි බාබ් කියන්නේ මිරිදිය මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය සිප්රිනිඩේ පවුලේ තවත් අලංකාර මත්ස්‍යයෙක්. ශ්‍රී ලංකාවේ සිප්‍රිනිඩ් පවුලේ මාලුන්ව හඳුන්වන පෙතියා කියන වචනේ එක්ක තමා මෙයාට නම ලැබිලා තියෙන්නේ. වර්ෂ 1822 දී Hamilton විසින් මොවුන් හඳුනා ගත් බවයි සඳහන් වෙන්නේ. රිදීමය හෝ තඹමය රෝස පැහැයකින් යුතු සිරුරේ ඉහල   කොළ පැහැයට හුරු වෙනවා . පිරිමි මත්ස්‍යයා ගේ බඳ පෙදෙස වඩා රෝස පැහැයක් ගන්නවා. අපේ භාසාවෙන් කිව්වොත් පණ හයිය හොඳ ක්‍රියාශීලී මසුන් වර්ගයක් වන මොවුන් ටැංකියට එකතු කරන අලංකාරය නිසාම බොහෝ දෙනෙක් මෙයාල ඇති කරන්න කැමතියි. දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයෙන් හමු බු රෝසි බාබ් මසුන්  අභිජනන සමයේ දී මෙයාලගේ වර්ණ වැඩි වෙනවා. විශේෂයෙන් පිරිමි මත්ස්‍යයා. ඔවුන්ගේ රිදී පැහැය තද රෝස හෝ දම් පැහැයක් දක්වා තීව්‍ර වන අතර වරල් රතු හා කළු පැහැයක් ගන්නවා. මේ වනවිට විසිතුරැ මසුන් ක්ෂේත්‍රය උදෙසා ම වැඩි දියුණු කල විශේෂ කිහිපයක් ම දකින්න පුළුවන්.  මොවුන් ගෝල්ඩ් , රතු රෝස සහ නියෝන් වර්ණ අනුව වර්ග කරන අතර 

අලංකාර හාදු ගුරාමි මසුන්.....

Image
Helostoma temminkii / Kissing Gourami ඉතා දිගු කාලයක් තිස්සේ ම විසිතුරු මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය හාදු ගුරාමි මසුන් වර්ෂ 1829 දී ප්‍රංශ ජාතික සත්ව විද්‍යාඥයෙකු වන Cuvier විසින් තමා හඳුනාගෙන තිබෙන්නේ. ලන්දේසි ජාතික වෛද්‍ය වරයෙක් වන Temminck ගේ නමින් තමා මොවුන් නම් කරලා තියෙන්නේ. වර්ෂ 1950 දී මොවුන් විසිතුරු මසුන් කර්මාන්තයට හඳුන්වා දී ඇති අතර   ස්වභාවික පරිසරයේ හමුවන මොවුන් පැහැයෙන් වෙනස් වන අතර පසු කාලීනව විසිතුරු මසුන් කර්මාන්තය සඳහා රෝස - සුදු වර්ණ වලින් යුතු හාදු ගුරාමි මසුන් හඳුන්වා දීල තියෙනව. ස්වභාවිකව අළු-කොළ පැහැති වර්ණයෙන් සහ රෝස වර්ණයෙන් යුතු මසුන් හමුවන අතර අළු-කොළ වර්ණ මසුන් වාර්තා වන්නේ තායිලන්තයෙන්. ඔවුන් ග්‍රීන් කිසර් ලෙස හඳුන්වන අතර දකුණු ඉන්දුනීසියා ප්‍රදේශයෙන් හමුවන රෝස පැහැති විශේෂය පින්ක්   කිසර් ලෙස හඳුන්වනවා.වර්තමානය වන විට සිරුර කෙටි වූ කුරු   වර්ග වගේම බැලුන් ආකාර වර්ග දක්වා මෙයාල දියුණු කරලා ඇති බව සඳහන්. කිසින්ග් ෆිෂ් ,  පින්ක්  කිසින්ග් ගුරාමි , ග්‍රීන් කිසර් කියන විවිධ නම් වලින් හඳුන්වන්නේ ත්   මෙයාලම තමා . ව්‍යාප්තිය හා වා