Posts

Showing posts from March, 2018

මලබාර් ස්නේක් හෙඩ් මසුන් ගැන දැනගමු

Image
Channa diplogramma හැඳින්වීම සහ ව්‍යාප්තිය වර්ෂ 1865 දී Day විසින් හඳුනා ගන්නා ලද මොවුන් අපේ අසලවාසී ඉන්දියානු අර්ධද්වීපයට ආවේනික විශේෂයක්. මෙයාලට diplogramma කියන නම ලැබිලා තියෙන්නේ ග්‍රීක වචන දෙකක් එකතුවෙලා. දෙකක් , ජෝඩුවක් , කියන අර්ථය ඇති Diplos කියන වචනය රේඛාව/ඉර කියන තේරුම ඇති gramme කියන වචනය එක්ක එකතුවෙලා diplogramma කියන නාමය ලැබිලා තියෙනව. කුඩා කාලයේ දී මොවුන්ගේ සිරුරේ ඇති ඉරි දෙක හේතුකරගෙන මේ නම් තැබීම සිදු කරලා තියෙනව. මලයාලම් බසින් දේශීයව Pulivaga කියල හඳුන්වන මලබාර් ස්නේක් හෙඩ් ඉන්දියානු අර්ධද්වීපයට ආවේනික මත්ස්‍යය විශේෂයක්. දකුණු ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට   සමාන්තරව දිවෙන   බටහිර ඝාත්   කඳු පන්තිය ආශ්‍රිතව මොවුන්ගේ නිජබිම් පිහිටා තියෙනව. කේරලා ප්‍රාන්තයේ මීනාචිල් , මනිමාල , පම්පා ,අචෙන්කොවිල් සහ කල්ලඩ යන ගංගා වල මෙන්ම තමිල්නාඩුවේ ඇතැම් ස්ථාන වලින් ද මොවුන් වාර්තා වී තිබෙනවා. ශරීර ලක්ෂණ මලබාර් ස්නේක් හෙඩ් කුඩා කාලයේ දී සිරුරේ දික් අතට පිහිටි කළු පැහැති රේඛා ද්විත්වයක් පිහිටනවා. එම රේඛා දෙක අතර සහ ඉහල රේඛාවෙන් උඩ ප්‍රදේශය තැ

ඉපැරණි ඉතිහාසයක් ඇති Endlicheri Bichir

Image
Polypterus endlicheri endlicheri (Saddled Bichir) හැඳින්වීම විලෝපික මසුන් ඇති කරන්නන් බොහෝ දෙනෙක් ප්‍රිය කරන මෙයාල සාමාන්‍ය ව්‍යවහාරයේ   හඳුන්වන නම වෙන්නේ Saddled Bichir . ඒ වගේම Endlcheri Bichir කියලා ත් හඳුන්වනවා. වර්ෂ 1847 දී Hekel විසින් හඳුනාගන්නා ලද බවයි සඳහන් වෙන්නේ. පැතලි හිසකින් යුතු මොවුන් බොහෝ විට Polypterus delhezi ලෙස වරදවා හඳුනා ගන්නවා. දිගැති සිරුර අළු/දුඹුරු පැහැතියි. සිරුරේ දෙපස අපිළිවෙලට පිහිටි කළු පැහැති තීරු රටාවක් දකින්න පුළුවන්. බඳ පෙදෙස සුදු/කහ පැහැයක් ගන්නවා. හිස , ශරීරය හා වල්ගා වරලේ කළු ලප දකින්න පුළුවන්. නෙරා ගිය යටි හනුව උඩු හනුව ට වඩා දිහින් වැඩියි. නිශාචරයෙක් වන Endlcheri Bichir හොඳ පණ හයිය මාලුවෙක්. පෙනීම නම් හරිම දුර්වලයි. පෙනීම දුර්වල උනත් ඉතා හොඳ ගඳ සුවඳ දැනීමේ හැකියාවක් තියෙනවා. මේ සංවේදී බව උපයෝගී කරගෙන තමා කෑම තියෙන තැන එහෙම හොයාගන්නේ. Endlcheri ඇතුළුව Polypterus ගණයේ   අනෙකුත් සාමාජිකයන් එක්කම විශේශිත වෙන්නේ මෙයාල ආදීකල්පික   සත්ව විශේෂයක අවසාන ජීවී සාමාජියකයන් ලෙස සැලකෙන   නිසා. මෙයාලගේ මුල් සාමාජිකයන්ගේ දැනට හමු වී