Posts

Showing posts from July, 2018

අපූරු ඉර්විනී කැට්ෆිෂ් ගැන දැනගනිමු

Image
Irwini Catfish   (Megalodoras uranoscopus) වර්ෂ 1888 දී Eigenmann විසින් හඳුනාගන්නා ලද මොවුන් ඇමෙසෝන් ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශය නිජබිම කරගත්ත මත්ස්‍යය විශේෂයක් වන මොවුන් අයත් වෙන්නේ Doradidae කියන මත්ස්‍යය කුලයට. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙයාලට Giant Talking Catfish, Giant Raphael Catfish , Irwini Catfish , Giant Raphael, Mother of Snails Catfish කියන නම් භාවිතා කරනවා. ස්වදේශිකයන් මොවුන්ට , Mother of Snails කියන නාමයට අනුව   Key way mamma කියන නම භාවිතා කරනවා. මැරුන මත්ස්‍යයෙක් පරික්ෂා කිරීමේ දී බඩවැල පුරාම එක දිගට තිබු විශාල   ජලජ බෙල්ලන් නිසා මදර් ඔෆ් ස්නේල්ස් කියන නම ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.බොලිවියාව , බ්‍රසීලය , කොලොම්බියාව , ඉක්වදෝරය සහ පේරු රාජ්‍ය වල මොවුන් ව්‍යාප්ත වී සිටිනවා. ශරීර ලක්ෂණ   Doradidae පවුලේ ඉන්න වර්ණවත් බැවින් වගේම විශාලත්වයෙන් වැඩි මත්ස්‍යයෙක් විදියට මෙයාව හඳුන්වන්න පුළුවන්. මෙයාට භාවිතා වන නම් වල Giant කියන විශේශනයෙන් ඒ බව පැහැදිලි කරගන්න පුළුවන්. මේ පවුලේ මසුන් ට පිහිටා ඝන   ඇති කවචය ඔවුන්ට විශේෂිත ලක්ෂණයක්. ඉර්