අපූරු ඉර්විනී කැට්ෆිෂ් ගැන දැනගනිමු




Irwini Catfish   (Megalodoras uranoscopus)

වර්ෂ 1888 දී Eigenmann විසින් හඳුනාගන්නා ලද මොවුන් ඇමෙසෝන් ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශය නිජබිම කරගත්ත මත්ස්‍යය විශේෂයක් වන මොවුන් අයත් වෙන්නේ Doradidae කියන මත්ස්‍යය කුලයට. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙයාලට Giant Talking Catfish, Giant Raphael Catfish , Irwini Catfish , Giant Raphael, Mother of Snails Catfish කියන නම් භාවිතා කරනවා. ස්වදේශිකයන් මොවුන්ට , Mother of Snails කියන නාමයට අනුව  Key way mamma කියන නම භාවිතා කරනවා. මැරුන මත්ස්‍යයෙක් පරික්ෂා කිරීමේ දී බඩවැල පුරාම එක දිගට තිබු විශාල  ජලජ බෙල්ලන් නිසා මදර් ඔෆ් ස්නේල්ස් කියන නම ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.බොලිවියාව, බ්‍රසීලය, කොලොම්බියාව, ඉක්වදෝරය සහ පේරු රාජ්‍ය වල මොවුන් ව්‍යාප්ත වී සිටිනවා.



ශරීර ලක්ෂණ

 Doradidae පවුලේ ඉන්න වර්ණවත් බැවින් වගේම විශාලත්වයෙන් වැඩි මත්ස්‍යයෙක් විදියට මෙයාව හඳුන්වන්න පුළුවන්. මෙයාට භාවිතා වන නම් වල Giant කියන විශේශනයෙන් ඒ බව පැහැදිලි කරගන්න පුළුවන්. මේ පවුලේ මසුන් ට පිහිටා ඝන  ඇති කවචය ඔවුන්ට විශේෂිත ලක්ෂණයක්.

ඉර්විනී කියන්නේ වයසත් එක්ක ආකර්ෂණීය වර්ණ රටා ඇති මත්ස්‍යයෙක්. වැඩුණු මසුන්ගේ  ශරීරයේ ලා දුඹුරු පැහැ පසුබිමේ තද දුඹුරු පැහැ වර්ණ රටාව මොවුන්ට ආකර්ශනීය පෙනුමක් ලබා දෙනවා. හිස හා සිරුර තද දුඹුරු/කළු පැල්ලම් වලින් යුතු යි. සිරුරේ බඳ පෙදෙස තද දුඹුරු පැහැතියි. වරල් තනි පැහැයෙන් හෝ අවිධිමත් ව පිහිටි කළු පැල්ලම් වලින් යුතුයි. ළය වරල් අගිස්සට වන්නට තද පැහැයක් වුවත් පාදම කොටස ලා වර්ණයක් ගන්නවා. Adipose වරල ලා දුඹුරු පැහැතියි.

කවචය සමීප රූපයක් 

ශරීරයේ දිගටම  පාර්ශ්වීයව අස්ථි ඵලක (අස්ථිමය පතුරු ) වලින් නිර්මාණය වූ කවචයක් පිහිටා ඇති අතර වල්ගා වරල දෙසට වන්නට මෙම පතුරු ක්‍රමිකව ප්‍රමාණයෙන් කුඩා වෙනවා. මෙම අස්ථි ඵලක කෙලවර කටුවක් වැනි නෙරුමක් පිහිටන අතර  ඒ මගින් සිරුර දෙපස කටු පේලියක් පිහිටි ආකාරයට දිස් වෙනවා. මේ කටු පිහිටීම නිසාම Doradidae පවුලේ මසුන් කටු සහිත යන තේරුමෙන් යුතුව Thorny Catfishes කියලත් හඳුන්වනවා. මොවුන්ට අන්කුට (රැවුල් ) යුගල් දෙකක් පිහිටනවා.



වාසස්ථාන

හෙමින් ගලායන ජලයෙන් සහිත සෙවනින් හා ගිලුණු මුල් හෝ ශාක වලින් යුතු අතු ගංගා, වගුරු , තමා මෙයාල වාසස්ථාන කරගන්නේ. අවුරුද්දේ විවිධ කාල වල මොවුන් තාවකාලිකව ගංවතුරින් යට වූ ප්‍රදේශ හා විශාල ගංගා වල ත් දකින්න පුළුවන්.

ඉර්විනී යුවලක්, ගැහැණු මත්ස්‍යයා පහළ 

 නඩත්තුව හා ටැංකි සැකසීම

අඟල් 23-27 ක් පමණ උපරිම වර්ධනයක් ඇති මොවුන් සඳහා තරමක විශාල ටැංකියක් හෝ පොකුණක් සපයල දෙන්න ඕනේ. ටැංකියක් නම් අවම වශයෙන් අඩි 8 x 3 ප්‍රමාණය වත් වෙන්න ඕනේ බවයි නිර්දේශය. ඒ වගේම හොඳ ශක්තිමත් වෙන්න ත් ඕනේ. විශාල හෝ මධ්‍යම ප්‍රමාණයේ වෙනත් මසුන් හා එක්ව මොවුන් ඇති කරන්න පුළුවන්.


ටැංකි සැකසීමේ දී පතුල හිස් ව තැබීම හෝ වැලි යොදා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම කොට වැනි දේ යොදාගෙන ටැංකිය අලංකාර කරගන්න පුළුවන්. සැඟවෙන්න පුළුවන් විදියට ටැංකිය සකසන්න ඕනේ, ඒ සඳහා ලොකු ප්ලාස්ටික් බට උනත් යොදාගන්න පුළුවන්.හොඳ පෙරහන් පද්ධතියක් භාවිතා කල යුතුයි. බාහිරින් යොදන පෙරහන් පද්ධතියක් නම් වඩාත් සුදුසුයි. දීප්තිමත් ආලෝකය ප්‍රිය නොකරන මෙයාට සාමාන්‍ය ආලෝක තත්වයක් තමා ලබාදෙන්න ඕනේ.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 21-25 අතර හා ph අගය 5.5-7.5 අතර පවත්වා ගැනීම හිතකර තත්ත්ව ලෙස සඳහන් වෙනවා.


ගති ලක්ෂණ

කුඩා කණ්ඩායම් විදියට ජීවත් වෙන මෙයාල කලාතුරකින් ලොකු රංචුවක් විදියටත් දැකගන්න පුළුවන්. ගෘහස්තව ඇති කරනවා නම් අඩුම හතර දෙනෙක් වත් එකට ඇති කරනවා නම් වඩාත් සුදුසුයි. හොඳින් ඉඩ පහසුකම් තියෙනවා නම් සාමකාමී මාලුවෙක් වෙන මෙයා එක්ක වෙනත් විශේෂ වල මසුන් උනත් ඇතිකරන්න අපහසු නෑ. දිවා කාලයේදී ක්‍රියාකාරී හැසිරීමකින් යුතුයි. Characidae පවුලට අයත් Metynnis හෝ Myleus විශේෂ (සිල්වර් ඩොලර් ), සික්ලිඩ් පවුලට අයත් Cichla (බාස් වර්ග) සහ Geophagus විශේෂ, ලොකු Loricariids (ප්ලෙකෝ ) වර්ග සහ සමාන ප්‍රමාණයෙන් යුතු Doradidae පවුලේම Pseudodoras niger Potamotrygon (මිරිදිය මඩුවන් ) සහ Osteoglossum (ඇරවානා )වැනි විශේෂ මොවුන් හා ඇතිකිරීම ට වඩාත්ම සුදුසුයි.



ආහාර

සර්වභක්ෂකයෙක් වෙන මෙයා ස්වභාවික පරිසරයේ දී ජලජ මොලුස්කාවන්, ගස් වලින් වැටෙන ගෙඩි වර්ග වගේ දේවල් ආහාර විදියට ගන්නවා. බෙල්ලන් ආහාරයට ගන්නා නිසාමයි මෙයාලට “මදර් ඔෆ් ස්නේල්ස්” කියල නමත් පටබැඳිලා තියෙන්නේ.

ගෘහස්තව ඇති කරනවා නම් විවිධත්වයෙන් යුතු පෝෂ්‍යදායී ආහාර ලබා දෙන්න වග බලාගන්න ඕනේ. පතුලට ගිලෙන පරිදි සැකසු මත්ස්‍යය ආහාර වර්ග, එළවලු/පළතුරු, බෙල්ලන්, ඉස්සන්, ශීතකළ බ්ලඩ් වෝර්ම්  වගේ දේවල් වගේම ඉඳ හිට සංග්‍රහයක් විදියට ජීවී ගැඩවිල පනුවන් (earth worms) ලබා දීම සුදුසුයි. ප්‍රමාණයෙන් වැඩෙද්දී දෙන කෑම ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. හුරු උනාම කෑම වෙලාවට උඩට ඇවිල්ල බලා ඉඳීවි..

©janakiecjoseph


Comments

  1. Las Vegas - Casino & Restaurants - JT Marriott
    Welcome to Las 전주 출장마사지 Vegas, where fabulous restaurants, delicious entertainment, and a myriad of other 상주 출장샵 amenities will make it 경상남도 출장샵 a great spot to 제천 출장샵 stay. 공주 출장안마 Book your stay today

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2