Posts

Showing posts from June, 2019

ටැංකිය හැඩකරන හාර්ලික්වීන් රැස්බොරා

Image
Harlequin Rasbora ( Trigonostigma heteromorpha ) හැමෝම හඳුනන කාර්ප් , මිනෝව්ස් , බාර්බ් වර්ග අයත් වන, විශාලතම හා විවිධත්වයෙන් වැඩිම මත්ස්‍ය කුලය වන  සිප්‍රිනිඩේ ( Cyprinidae) කුලයට අයත් වන හාර්ලික්වින් රැස්බොරා ඉතා අලංකාර කුඩා මත්ස්‍යයෙකි. රංචු වශයෙන් ජීවත් වන අලංකාර සාමකාමී මත්ස්‍යය විශේෂයක් නිසා ම මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය මොවුන් වර්ෂ 1904 දී නම්කර ඇත්තේ Duncker විසිනි. වර්ෂ 1936 පමණ සිට මෙම මසුන් විසිතුරු මසුන් ව්‍යාපාර සඳහා භාවිතා වී ඇති අතර වර්තමානය වන විට විසිතුරු මත්ස්‍යය කර්මාන්තය සඳහාම නව අලංකාර විශේෂ කිහිපයක් ද හඳුන්වා දී ඇත. Trigonostigma ගණයට අයත් අනෙක් විශේෂ වලට වඩා වෙනස් හැඩයක් ගැනීම පදනම් කරගෙන නාමකරණයේ දී ග්‍රීක බසින් වෙනස් හැඩැති යන අරුත ගෙන දෙන heteromorpha යන වදන යොදාගෙන ඇති අතර සාමාන්‍ය ව්‍යවහාරයේ දී හාර්ලික්වීන් ලෙස නම් කර ඇත්තේ සිරුරේ ඇති කළුපැහැති වර්ණ සලකුණ පදනම් කරගෙන ය. එනම් එම සලකුණ ඉතාලියානු නාට්‍ය සම්ප්‍රදායක් වන Commedia dell’arte හි එන හාර්ලික්වීන් නම් චරිතයේ ඇඳුමේ ඇති වර්ණරටාව ට සමානකමක් දක්වයි. Harlequin Rasbora යන නම හැරුණු විට Rasbo