ගෝල්ඩන් ස්නේක්හෙඩ් මසුන් ගැන දැනගනිමු.

Channa stewartii ( Golden Snakehead / Assamese Snakehead)


වර්ෂ 1867 දී Playfair විසින් හඳුනාගෙන ඇති මොවුන් බ්‍රහ්මපුත්‍ර ගංගා ද්‍රෝණිය සහ Ganges ගංගා ද්‍රෝනියට පමණක් සිමා වූ අලංකාර වර්ණරටා වලින් යුතු මත්ස්‍ය විශේෂයක්. දැනට ඉන්දියාව, නේපාලය සහ බංගලිදේශය යන රටවල දී ස්වභාවික පරිසරයෙන් මොවුන් හමුවෙනවා. හමුවන ප්‍රදේශ සහ ඔවුන්ගේ වර්ණරටා අනුව විවිධ නම් වලින් හඳුන්වනවා. Channa stewartii special, CF Barca, Globale Blue, Violet Blue, Golden Beam , Black Galaxy, Karbi Anglong, Kalikhola යන විශේෂ අතර Garo Hill වැනි ඉතා විරල විශේෂ ද හමුවෙනවා. ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවත් ආක්‍රමණශීලී මත්ස්‍යයෙක් නිසා තනිව හෝ නිවැරදි යුගලක් ලෙස ඇතිකිරීමයි වඩාත්ම සුදුසු. පිරිමි සත්වයා ගැහැණු මාළුවාට සාපේක්ෂව වර්ණවත් බැවින් වැඩි අතර වරල් වල ප්‍රමාණය ද විශාල යි.


අඟල් 10ක පමණ උපරිම වර්ධනයක් පෙන්වන මොවුන් තමන්ගේ සහකරුවා තමන් විසින්ම හොයාගන්න මත්ස්‍ය විශේෂයක්. මින් මැදුරු වලින් මිලදී ගන්නේ නම් මසුන් තේරීමේ දී ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොවුන්ගේ බෝවීම සඳහා උෂ්ණත්වය අඩු වීම වැනි පාරිසරික සාධක බලපාන අතර සුරතල් මසෙකු ලෙස ඇති කිරීමට ඉතා අලංකාර මත්ස්‍යයෙකි.


හොඳින් පිහිනා යාමට ද අවකාශ ඇති ශාක වලින් ගහන ටැංකියක් තමා සුදුසු. අඩු ආලෝකය ප්‍රිය කරන මෙයාලට හැංගෙන්න පුළුවන් ස්ථාන නිර්මාණය කරලා දෙන්න ඕනේ. ඒ වගේම මෙයාල ටැංකියෙන් එලියට පනින්නත් හරි දස්සයි. හොඳින් සවි වූ වහලයක් තිබීම අනිවාර්යයි. ඒ වගේම ටැංකියේ වහල සහ ජල මට්ටම අතර තරමක ඉඩක් පවත්වාගන්න ඕනේ. මෙයාල මතුපිටට ඇවිල්ල ශ්වසනය කිරීම තමා එයට හේතුව.
මෙයාල ස්වභාවික පරිසරයේ දී සෘතුමය දේශගුණයකට හුරු වූ අය. ග්‍රීෂ්ම කාලයේදී සෙල්සියස් අංශක 22-24 ක පමණ උෂ්ණත්වයක වගේම ශිත කාලයේදී සෙල්සියස් අංශක 15-20 පමණ අඩු උෂ්ණත්වයක ත් මෙයාල ජිවත් වෙනවා.උෂ්ණත්වය අඩු කාලයේ දී ආහාර ලබා දීමේ දී අඩුවෙන් ලබා දිය යුතුයි. ඒ වගේම අඩු වතුර මට්ටමක් පවත්වාගන්න ඕනේ. මේ ශීත කාලය පවත්වාගැනීම තුලින් මත්සයාගේ සෞඛ්‍ය තත්වය හොඳින් පවත්වා ගත හැකි අතර වැඩි උෂ්ණත්ව තත්වයක දිගින් දිගටම සිටීමේ දී රෝග වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය.


මාංශ භක්ෂක මොවුනට ජීවී , අජීවී හෝ ශීත කල (Frozen ) මාංශමය ආහාර ලබාදෙන්න පුළුවන්. ආටිමියා, බ්ලඩ් වෝම්ස්, මදුරු කීටයන්, කුනිස්සන්, කෘමින්, බෙල්ලන්, කැපු මාළු වැනි දේ කෑමට දෙන්න පුළුවන්.

වර්ෂය පුරාම බෝවීමේ හැකියාව ඇති මොවුන් ටැංකි තුල ද බෝ කල හැකි අතර ඒ සඳහා සෙල්සියස් අංශක 20ක පමණ අඩු උෂ්ණත්වයක් ලබාදීම අත්‍යවශ්‍ය යි.


©geethgunasekera

Comments

Popular posts from this blog

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

කපු හැන්දා හෙවත් Mono Fish ( Monodactylus argenteus)