ඉපැරණි ඉතිහාසයක් ඇති Endlicheri Bichir
විලෝපික මසුන් ඇති කරන්නන් බොහෝ දෙනෙක් ප්‍රිය කරන මෙයාල
සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන නම වෙන්නේ Saddled Bichir . ඒ වගේම Endlcheri Bichir කියලා ත් හඳුන්වනවා.
වර්ෂ 1847 දී Hekel විසින් හඳුනාගන්නා ලද
බවයි සඳහන් වෙන්නේ.
පැතලි හිසකින් යුතු මොවුන් බොහෝ විට Polypterus delhezi ලෙස වරදවා හඳුනා ගන්නවා. දිගැති සිරුර අළු/දුඹුරු
පැහැතියි. සිරුරේ දෙපස අපිළිවෙලට පිහිටි කළු පැහැති තීරු රටාවක් දකින්න පුළුවන්.
බඳ පෙදෙස සුදු/කහ පැහැයක් ගන්නවා. හිස , ශරීරය හා වල්ගා වරලේ කළු ලප දකින්න
පුළුවන්. නෙරා ගිය යටි හනුව උඩු හනුව ට වඩා දිහින් වැඩියි.
නිශාචරයෙක් වන Endlcheri Bichir හොඳ පණ හයිය මාලුවෙක්. පෙනීම නම් හරිම දුර්වලයි. පෙනීම දුර්වල උනත් ඉතා හොඳ
ගඳ සුවඳ දැනීමේ හැකියාවක් තියෙනවා. මේ සංවේදී බව උපයෝගී කරගෙන තමා කෑම තියෙන තැන
එහෙම හොයාගන්නේ. Endlcheri ඇතුළුව Polypterus ගණයේ අනෙකුත්
සාමාජිකයන් එක්කම විශේශිත වෙන්නේ මෙයාල ආදීකල්පික සත්ව විශේෂයක අවසාන ජීවී සාමාජියකයන් ලෙස සැලකෙන
නිසා. මෙයාලගේ මුල් සාමාජිකයන්ගේ දැනට හමු
වී ඇති ෆොසිල වලට අනුව ඒවා වසර මිලියන 200 කටත් වඩා පැරණි ඩයිනසෝරයන්ගේ මුල් යුගය
වන Triassic යුගයට අයත් බව ට සොයාගෙන තියෙනවා.
මෙයාලටම විශේෂිත වූ අපුරු ලක්ෂණ කිහිපයක් දකින්න
පුළුවන්. මෙයාලගේ ප්ලවාශය ඒ කියන්නේ තේරෙන භාසාවෙන් කිව්වොත් Swim Bladder එක කොටස් දෙකකට බෙදිලා
තියෙන්නේ. එයින් දකුණු කොටස සාපේක්ෂව විශාලත්වයෙන් වැඩියි . ඒ කොටස තමා අමතර ශ්වසන
අවයවයක් විදියට ක්‍රියා කරන්නේ. මෙයාලට ජලයෙන් පිටතත් කෙටි කාලෙකට ජිවත් වෙන්න
පුළුවන් කම තියෙනව. Anabantoidei විශේෂ වල මත්ස්‍යයන්ට වගේම මෙයාලටත් වායු ගෝලයේ වාතය ලබා
ගැනීමේ අවකාශ නොලැබුනොත් ගිලිලා මැරෙන්න පුළුවන්.
බාහිර ජලක්ලෝම |
මෙයාල පොඩි කාලේ දී ඇම්ෆිබියානුවන්ට වගේ බාහිර ජලක්ලෝම පිහිටලා තියෙනවා. වැඩිහිටි වන විට
ඒවා නැති වී යනවා. දඩයම් සොයා ගැනීමටත් එම උපාංගය ප්‍රයෝජනයට ගන්නවා ලු. දවල්
කාලයේ කොහේ හෝ සැඟවී සිටින මොවුන් දඩයම් හොයා යන්නේ රාත්‍රී කාලයේ දී යි. හරියට ම
කිව්වොත් මෙයාල නිශාචරයින්.
උපරිම ආයු කාලය වසර 8-12ක් පමණ වෙනවා.
දැනට වෙළඳපොලේ දකින්න ලැබෙන බොහොමයක් ස්වභාවික පරිසරයෙන්
අල්ලා ගත් මසුන්.
ව්‍යාප්තිය
කැමරූන් , නයිජීරියාව , Burkina Faso , ඝානා , Chad, අයිවරි කෝස්ට් , මාලි, සුඩාන්, Benin සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය
කියන රටවල වසන මෙයාල පැතිරුණු ව්‍යාප්තියක් පෙන්වනවා.
වාසස්ථාන
ගංගාවන්, වගුරු බිම් තමා
සාමාන්යෙන් මෙයාලගේ වාසස්ථාන බවට පත්වෙන්නේ. ඉඳ හිට කඩොලාන පරිසර ආශ්‍රිතව කිවුල්
දියේ ත් දකින්න පුළුවන් ලු.
ගෘහස්තව ඇති කිරීම
උපරිම වර්ධනය අඩියක් පමණ උනත් ගෘහස්තව ඇති කරන විට ඊට
වඩා අඩු වර්ධනයක් පෙන්වන බවයි සඳහන් වෙන්නේ. කුඩා කාලේදී නම් ගැලුන් 20-80 වගේ පොඩි
ටැංකි වල ඇතිකරන්න පුළුවන් උනත් වැඩුනු සත්වයෙක්ට නම් ටිකක් ලොකු ටැංකියක්
ලබාදෙන්න ඕනේ අඩුම තරමේ ලීටර 1000 ක වත් ටැංකියක් සුදුසු බවයි නිර්දේශය. ඒ කියන්නේ
අඩි 6 x2.5 ප්‍රමාණයේ ටැංකියක්.මෙයාලට
ටැංකියේ ගැඹුරට වඩා ටැංකියේ ඉඩ ප්‍රමාණය තමා වැදගත් වෙන්නේ. මෘදු පතුලක් තියෙන්න
ඕනේ.කොට කැබලි , ලොකු රළු දාර නැති ගල් වගේ දේවල් ටැංකි අලංකරණයට යොදාගන්න
පුළුවන්. හැංගෙන්න පුළුවන් විදියට ටැංකිය සකස් කරලා දීම තමා වඩාත් ම සුදුසු. ශාක
අත්‍යවශ්‍ය නොවුනත් සෙවණක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. ජීවී ශාක යොදාගන්නවා නම්
උස සහ ශක්තිමත් සෙවනක් ලබා දිය හැකි හොඳ මුල පද්ධතියක් සහිත ශාක විශේෂ යොදා ගැනීම
සුදුසුයි. නිශාචර මෙයාල වැඩි ආලෝකය ප්‍රිය කරන්නේ නෑ. ටැංකිය හොඳින් වැසුන එකක්
නම් වෙන්න ම ඕනේ, මෙයාල පැනල යන්න සුරයෝ.
බිචිර් කියන්න කෑමට රුසියෝ . ඒ නිසා හොඳ ෆිල්ටර්
පද්ධතියක් යොදාගන්න. ඒ වගේම නිතර වතුර මාරු කරලා ජලයේ ගුණාත්මක භාවයත් පවත්වා
ගන්න. ඒ වගේම මෙයාලට අවශ්‍ය වූ විට වායු
ගෝලයේ ඔක්සිජන් ලබා ගන්න පුළුවන් විදියට ටැංකියේ ඉහල ඉඩ තියෙන්නේ ඕනේ. ටැංකිය
පිරෙන්නම වතුර පුරවන්න එපා.
ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22-27 අතර සහ ph අගය 6.0-8.0 අතර පවත්වා ගැනීම තමා හිතකර තත්ත්ව විදියට සැලකෙන්නේ.
ආහාර
මෙයාල ස්වභාවයෙන්ම මාංශ භක්ෂකයන්. ඒ වගේම ගොදුරු හොයාගෙන
කන්නේ. ඉතා කලාතුරකින් pellet වර්ග වලට හුරු වූ
කෙනෙක් දකින්න ලැබුනත් අලුත්, සජීවී හෝ
ශීත කල මාංශමය ආහාර තමා කෑමට දෙන්න ඕනේ. ඉස්සෝ, ගැඩවිලන් , බෙල්ලන් ,
මාළු, හරක් පීකුදු වගේ
දේවල් කෑමට දෙන්න පුළුවන්.
දින දෙක තුනකට වරක් කෑම ලබා දීම ප්‍රමාණවත්.
ගති ලක්ෂණ
වැඩි කාලයක් පතුලේ ගත කරන සත්ව විශේෂයක්.මාංශ භාක්ෂකයෙක්
උනාට මෙයා සාමාන්යෙන් සාමකාමී සතෙක්. හැබැයි කටට දාගන්න පුළුවන් ප්‍රමාණයේ ඕනෑම
එකෙක් ගිලල දාන්න නම් පසුබට වෙන්නේ නෑ. ඒ නිසා මෙයාගේ ටැංකියට යාළුවො එකතු කරනකොට
ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රමාණයෙන් සම හෝ විශාල ඇරොවාන , Synodontis වර්ග, Datnoides වර්ග, නයිෆ් ෆිෂ් වර්ග, ලොකු characin වර්ග, සහ සමහර සික්ලිඩ් විශේෂ මෙයාලත් එක්ක එකට ඇතිකරන්න සුදුසුයි.
පිරිමි මත්සයාගේ ගුද වරල ගැහැණු මත්ස්‍යා ට සාපෙක්ෂය්ව
ඝන බැවින් වැඩියි.
ස්වභාවික පරිසරයෙන් පිටත මින් මැදුරු තුළ අභිජනනය සිදු
වී තිබුනා උනත් ඒ ගැන වැඩි විස්තරයක් නම් වාර්තා වෙන්නේ නෑ . ස්වභාවික පරිසරයේ දී
මෙයාලගේ අභිජනනය සිද්ද වෙන්නේ වැහි කාලේ දී. ඒ නිසා ජලයේ උෂ්ණත්වය හා රසායනකිකව වන වෙනස්කම් වලින් මෙයාලගේ බෝවීමේ ක්‍රියාවලියට
යම් තරමක උත්තේජනයක් ලැබෙන බව පැහැදිලි වෙනවා.
ටැංකියක් තුල අභිජනනය කරනවා නම් තරමක විශාල ටැංකියක්
අවශ්‍ය වෙනවා. එයට යාන්තමට ආම්ලික ගතියකින් යුතු මෘදු ජලය යොදන්න ඕනේ. මෙයාල
බිත්තර විසුරුවන සතුන්. ඒ නිසා ශාක ගහනයක්, මසුන් බෝ කිරීමේ දී
යොදාගන්න spawning mops හෝ ඒ සඳහා ආදේශකයක්
සපයන්න ඕනේ. ( spawning mop එකක් පහසුවෙන් හදාගන්න හැටි පහත වීඩියෝ එකේ තියෙනව )
මෙයාලගේ අභිජනනය ශාරීරික ක්‍රියාවලියක්. බිත්තර දැමීමේ දී පිරිමි මත්ස්‍යා විසින් ගුද හා වල්ගා වරල ආධාරයෙන් ගැහැණු මත්ස්‍යා ගේ ජනනේන්ද්‍රියෙන් බිත්තර ලබාගන්නවා. ඉන්පසුව පිරිමි මත්ස්‍යා විසින් සන්සේචනයට ලක් කරන ලද බිත්තර සපයා ඇති මතුපිටක තැන්පත් කරනවා. හරියටම කිව්වොත් විසුරවල දානවා. බිත්තර දැමුවා ට පසු මවු සතුන් ඉවත් කරන්න ඕනේ. එයාල ඒවා ආහාරයට ගන්න පුළුවන්. දවස් 3-4ක් වන විට බිත්තර පුපුරා පැටවුන් එලියට ආවත් එයාල නිදහසේ පිහින්නන නම් දවස් තුනක් වත් පසු වෙන්න ඕනේ. මුලින්ම ආහාර විදියට බ්‍රයින් ශ්‍රිම්ප්ස් හෝ microworm ලබා දෙන්න ඕනේ. මේ පොඩි පැටව් ක්‍රියා ශීලී නෑ, පිහිනන්නේ අඩුවෙන්. ඒ නිසා ටිකෙන් ටික කෑම දීලා පුරුදු කරන්න ඕනේ. ඒ වගේම කෑම ගන්න පිහිනල එන්නේ නැති නිසා හොඳින් කෑම ලබා දෙන එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.
©janakiecjoseph2018
මෙයාලගේ අභිජනනය ශාරීරික ක්‍රියාවලියක්. බිත්තර දැමීමේ දී පිරිමි මත්ස්‍යා විසින් ගුද හා වල්ගා වරල ආධාරයෙන් ගැහැණු මත්ස්‍යා ගේ ජනනේන්ද්‍රියෙන් බිත්තර ලබාගන්නවා. ඉන්පසුව පිරිමි මත්ස්‍යා විසින් සන්සේචනයට ලක් කරන ලද බිත්තර සපයා ඇති මතුපිටක තැන්පත් කරනවා. හරියටම කිව්වොත් විසුරවල දානවා. බිත්තර දැමුවා ට පසු මවු සතුන් ඉවත් කරන්න ඕනේ. එයාල ඒවා ආහාරයට ගන්න පුළුවන්. දවස් 3-4ක් වන විට බිත්තර පුපුරා පැටවුන් එලියට ආවත් එයාල නිදහසේ පිහින්නන නම් දවස් තුනක් වත් පසු වෙන්න ඕනේ. මුලින්ම ආහාර විදියට බ්‍රයින් ශ්‍රිම්ප්ස් හෝ microworm ලබා දෙන්න ඕනේ. මේ පොඩි පැටව් ක්‍රියා ශීලී නෑ, පිහිනන්නේ අඩුවෙන්. ඒ නිසා ටිකෙන් ටික කෑම දීලා පුරුදු කරන්න ඕනේ. ඒ වගේම කෑම ගන්න පිහිනල එන්නේ නැති නිසා හොඳින් කෑම ලබා දෙන එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.
(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි )
Comments
Post a Comment