Black Wolf Fish / Hoplias curupira ,Oyakawa & Mattox,2009
මධ්‍යම
සහ දකුණු ඇමෙරිකාව නිජබිම කරගත් Hoplias ගණය ට මේ වනවිට හඳුනාගත් මත්ස්‍යය විශේෂ
13ක් අයත් වේ. මොවුන් ගේ ශරීර ප්‍රමාන සැලකු විට සෙන්ටි මීටර
100ක් පමණ දක්වා වැඩෙන Hoplias
aimara
සහ Hoplias macrophthalmus මෙම ගණයේ විශාලතමයන් වන අතර සෙන්ටි මීටර 15ක් පමණ වන Hoplias teres කුඩාතමයා වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ Trahiras ලෙස පොදුවේ හඳුන්වන මොවුන් අයත් වනුයේ Erythrinidae මත්ස්‍යය කුලයට ය. බ්ලැක් වුල්ෆ් මසුන් දකුණු ඇමෙරිකාවට
ආවේනික වේ.
Hoplias යන ගණ නාමය Hoplon යන ග්‍රීක වදනින් බිඳී ආවක් වන අතර එහි අරුත ආයුධය (weapon) යන්න ය. Curupira යන වදන බ්‍රසීලියානු ජන ශ්‍රැති වල එන චරිතයක් වන අතර ස්වදේශිකයන්
විසින් කුරුපිරා විසින් වනාන්තර ආරක්ෂා කරනු ලබන බවට විශ්වාස කරයි. පුරාවෘත වලට
අනුව කුරුපිරා ස්වදේශික Amerindian
ජන වර්ගයේ දරුවෙක් වන අතර ඔහුගේ දෙපා වල පතුල් පිටුපසට
පිහිටා ඇත.
ව්‍යාප්තිය
හා වාසස්ථාන.
දකුණු
ඇමෙරිකාවේ උතුරු කොටසේ පුළුල් ව්‍යාප්තියක් පෙන්වන බ්ලැක් වුල්ෆ් මසුන්
වෙනිසියුලාව, ගයානාව, සුරිනාමය සහ බ්‍රසීලයේ ඇමසෝන් සහ ඔරිනෝකෝ ගංගා ද්‍රෝණි සහ ඒවායේ
අතු ගංගාවන්, ටොකැන්ටින්ස් , ශින්ගු (Xingu) සහ නිග්‍රෝ ගංගාවන් ආශ්‍රිතව ජීවත් වේ. ගයානා වේ සහ සුරිනාමයේ
වෙරළබඩ ගංගා ආශ්‍රිතව ද මොවුන් වාසය කරයි.
විශාල
ගංගා වල මෙන්ම කුඩා අතු ගංගා , ඇල මාර්ග ආදිය වාසස්ථාන කරගන්නා මොවුන් නිතරම යුගල
ලෙස සිටිනු දැකිය හැකි අතර හොඳින් ජලය ගලා යන පරිසර පද්ධති වාසස්ථාන කරගනී. මේ
සියලු වාසස්ථාන හොඳින් ගස් වැල් වලින් යුතු ප්‍රදේශ වේ.
ගති ලක්ෂණ
ජල පතුලේ , මධ්‍ය ස්ථරයේ මෙන්ම
මතුපිට ද ජීවත් වන මොවුන් එම ස්තර තුනේම ආහාර සොයා ගැනීම සිදුකරයි. දිවා කාලයේ දී
මෙන්ම රාත්‍රී කාලයේ දී ද ක්‍රියාකාරී විශේෂයකි. මොවුන්ගේ ගති ස්වභාවය (Mood) වෙනස් වන ආකාරයට ලා දුඹුරු පැහැයේ
සිට තද කළු පැහැය දක්වා වර්ණ රටා වෙනස් කරගැනීමේ හැකියාවක් පවතී. ජීවත් වන ප්‍රදේශය
අනුව ද වර්ණ රටා වල වෙනස්කම් දැකිය හැකිය.
ශරීර ලක්ෂණ
සිලින්ඩරාකාර සිරුර පළල ට වඩා
උසින් වැඩිය. ස්ථුල සිරුරක් හා මොට හිසකින් යුතු මොවුන් ගේ හනුවේ යටි පස පිහිටා
ඇති ලප සහිත සිදුරු හතරක් පිහිටා ඇති අතර එය මොවුන් හඳුනා ගැනීමට භාවිත කල හැකි
සුවිශේෂී ලක්ෂණයකි. මෙම සිදුරු සංවේදන සඳහා භාවිතා කරයි.සෙන්ටි මීටර 6ක් පමණ වන
කුඩා කාලයේ ම මෙම ලක්ෂණය ප්‍රකට වන අතර එමගින් කුඩා පැටවුන් වුවද අනෙකුත් විශේෂයන්
ගෙන් වෙන්කර හඳුනා ගත හැකිය. ආංශික රේඛාවේ
කොරල 34-39ක් අතර පිහිටයි. සෙන්ටි මීටර 40ක් පමණ දක්වා උපරිම වර්ධනයක් ඇති මොවුන්
ස්වභාවික පරිසරයෙන් පිටත දී බොහෝ විට
අඩියක පමණ ප්‍රමාණයක් දක්වා වැඩේ. පැටවුන් ද ස්වභාවයෙන් වැඩිහිටි මසුන්
ආකාර වුවත් මඳක් කෙසඟ ස්වරුපයක් ගනී. හිස සහ ශරීරය තද දුඹුරු/කළු පැහැයක් ගනී.සම්පුර්ණ ශරීරය සයික්ලොයිඩ්
වර්ගයේ කොරල වලින් ආවරණය වී ඇත.
ඉහල හා පහල හනු දෙකම එකම ප්‍රමාණයේ
වන අතර ඉහල හා පහල මාංශමය තොල් වල ඇති සමෙහි නෙරීම් මගින් කෘන්තක දත් බාහිරින්
ආවරණය ආවරණය වේ. හනු දෙකෙහිම කේතු ආකාර
දත් එක පේලියක් ලෙස පිහිටා ඇත.
වරල් වල කෙලවර දාර රවුම් ආකාර වේ. පෘෂ්ටීය වරල සිරුරේ මැදට වන්නට පිහිටා ඇත. ළය
වරල, ශ්‍රෝණි වරල හා ගුද
වරල ප්‍රමාණයෙන් එක හා සමාන වේ.
ගැහැණු මසුන් සාපේක්ෂව පිරිමි
මසුන් ට වඩා සිරුරින් විශාලය.
ගෘහස්තව ඇතිකිරීම
දරුණු ගනයේ මසුන් ඇතිකරන්නන් අතර
ප්‍රචලිත මොවුන් ක්‍රියාකාරී මත්ස්‍යය විශේෂයකි. අවම වශයෙන් අඟල් 60*24*24 ප්‍රමාණයේ
හෝ ඊට වඩා විශාල ටැංකියක් ලබා දීම සුදුසුය. ටැංකියේ ප්‍රමාණයට සාපේක්ෂය මත්ස්‍යයා
ගේ ක්‍රියාකාරී ගතිය අඩු වැඩි වනු ඇත. ජල ගලනය තරමක් වේගවත් විය යුතු අතර දිවා
කාලයේ විවෘත පරිසරයේ වසන මොවුන් හට හොඳ ආලෝක තත්වයක් ලබා දිය යුතුය. රාත්‍රී කාලයේ
ක්‍රියාකාරීත්වය දිවා කාලයේ තරම් නොවන අතර සැඟවී සිටිය හැකි පරිදි ලී කොට, බට කැබලි වැනි දේ යොදාගෙන ටැංකි
සැකසුමක් නිර්මාණය කිරීම උචිතය.
මුලින් සඳහන් කල පරිදි යුගල
වශයෙන් ජීවත් වන මොවුන් තම සීමා ආරක්ෂා කරගැනීම සිදු කරයි. එබැවින් වෙනත් වුල්ෆ්
මසුන් හා ගැටීම් ඇතිකරගත හැකි නමුත් වෙනත් විශේෂ වල මොවුන්ට ගොදුරු කරගැනීමට
නොහැකි තරමේ විශාල මසුන් හා කමියුනිටි ටැංකියක් සඳහා යොදාගත හැකිය. නමුත් කලහකාරී
සික්ලිඩ් වර්ග වැනි මසුන් හා එකට ඇති නොකිරීමට වගබලා ගත යුතු ය.
ආහාර
ප්‍රධාන වශයෙන් මාංශ ආහාර මත
යැපෙන මොවුන් ස්වභාවික පරිසරයේ දී මුලිකව කෘමීන්, කුඩා මසුන්, ක්‍රස්ටේශියාවන්, ඉස්සන් හා පනුවන් ආහාරයට ගන්නා අතර ම කුඩා ප්‍රමාණයකින්
පලතුරු ආහාරයට ගන්නා බව නිරීක්ෂණය කර ඇත. ගෘහස්ථව ඇති කිරීමේ දී මාළු වර්ග, ඉස්සන්, මට්ටි ආදිය ආහාර ලෙස ලබාදිය
හැකිය.
සටහන් :
කුරුපිරා සහ අයිමාරා විශේෂ
දෙකෙහිම ව්‍යාප්තිය නිග්‍රෝ හා රියෝ ඔරිනොකෝ ද්‍රෝණි වල දැකිය හැකි අතර ඔවුන්ගේ
වාසස්ථාන වෙනස් ය. අයිමාරා සැඩ ජල පහරක් සහිත දිය ඇලි ආශ්‍රිතව වසන අතර කුරුපිරා
ගේ වාසස්ථාන වනුයේ ගලා යන විශාල ගංගා හෝ අතු ගංගාවන් ය.
වාසස්ථාන අහිමි වීම මොවුන්ගේ
පැවැත්මට තර්ජනයක් වී ඇති අතර පිරානා, ජගුවර්, පුමා , Ocelot හා ගිජු ළිහිණියන් මොවුන්ව ගොදුරු
කරගන්නා විලෝපිකයන් වේ.
©janakiecjoseph20200424
මුලාශ්‍ර :
Comments
Post a Comment