සජීවී ෆොසිල බඳු ඇලිගේටර් ගාර් මසුන්
ගාර්
පවුල පිළිබඳව
මුල් ලිපියේ
සඳහන් කල
පරිදි ඉතා
පැරණි මත්ස්යය
පවුලක් වන
ගාර් පවුලේ
ප්රමාණයෙන්
විශාල ම
සාමාජිකයා වනුයේ
ඇලිගේටර් ගාර්
මසුන් ය.
වර්ෂ 1803 දී
Lacepede
විසින් Lepisosteus
spatula ලෙස නාමකරණය
කරනු ලැබූ
ඇලිගේටර් ගාර්
මසුන් , වර්ෂ
1976 දී Wiley
විසින් Atractosteus
spatula ලෙසින්
නැවත නාමකරණය
කරනු ලබන්නේ
Lepisosteidae කුලය
ට ගණ
දෙකක් අයත්
වන බව
හඳුනාගැනීම හේතුවෙනි.
ලතින් සම්භවයක්
ඇති ග්රීක
වදනක් වන
Spathe වදනින් Spatula
යන නාමය
ලබා දී
ඇති අතර
spathe යන්නෙහි අරුත
පුළුල් පැතලි
තලයක් ඇති
මෙවලමක් යන්න
ය.
සාමාන්යය
ව්යවහාරයේ
දී ඉංග්රීසි
බසින් ඇලිගේටර්
ගාර්, ගේටර්, ග්රේටර්
ගාර්, ගාර්පයික්, ගාර්ෆිෂ් හෝ
මිසිසිපි ඇලිගේටර්
ගාර් යන
නම් වලින්
හඳුන්වන මොවුන්
සඳහා විවිධ
රටවල විවිධ
නම් භාවිත
වේ. එනම්
ස්පාඥ්ඥ භාෂාවෙන්
Pejelagarto,
marjuari, catan, gaspar baba යන
නම් ද
ප්රංශ
භාෂාවෙන් garpigue
alligator ලෙස ද, ඩෙන්මාර්කයේ දී
alligatorpansergedde
ලෙස ද, ස්වීඩන් බසින්
alligatorbengadda
ලෙස ද
ෆින්ලන්තයේ දී
keihasluuhauki යනුවෙන් ද
හඳුන්වන මොවුන්
චෙක් ජනරජයේ
දී හඳුන්වනුයේ
kostin
obrovsky ලෙසිනි.
විලෝපිකයන්
වන මොවුන්
ජලජ පරිසර
පද්ධතියේ වසන
ඉහල මට්ටමේ
විලෝපිකයෙක් ලෙස
පරිසර සමතුලිතතාවයට
දායක වන
අතර මොවුන්ගේ
පැටවුන් හා
බිත්තර වෙනත්
මසුන් ට
ගොදුරු වීම
ද සිදුවේ.
මනුෂ්යය
ආහාර ලෙස
මෙන්ම මසුන්
බිලී බෑමේ
ක්රීඩාව
සඳහා ද
ඇලිගේටර් මසුන්
යොදා ගනී.ඒ
හැරුණු විට
විසිතුරැ මත්ස්යය
කර්මාන්තය සඳහා
මසුන් අල්ලා
ගැනීම සිදු
වුවත් වර්තමානය
වන විට
විසිතුරු මසුන්
ලෙස වැඩිපුර
දැකිය හැක්කේ
ස්වභාවික පරිසරයෙන්
පිටත දී
බෝකරගන්නා
ලද මසුන්
ය.
සීමාව
ඉක්මවා සිදුවන
මසුන් ඇල්ලීම
මොවුන්ගේ පැවැත්මට
තර්ජනයක් වී
ඇති අතර
ඇතැම් ප්රදේශ
වල ඒ
සඳහා නීති
පනවා ඇත.
උදාහරණ ලෙස
ඇලබාමා ප්රදේශයේ
දිනකට මසුන්
දෙකක් පමණක්
ඇල්ලීමට අවසර
ලබා දී
ඇත.
වර්තමානය
වන විට
ලාංකික මසුන්
ඇතිකරන්නන් අතර
ද ප්රචලිත
ඇලිගේටර් ගාර්
මසුන් මුලින්ම
ශ්රී
ලංකාවට ආනයනය
කර ඇත්තේ
වර්ෂ 2000 දී
වන අතර
ඔවුන්
ස්වභාවික පරිසරයෙන්
අල්ලා ගන්නා
ලද මසුන්
ය. නමුත්
මේ වනවිට
ශ්රී
ලංකාවට ගෙන්වන
මසුන් ඉන්දුනීසියාවේ
දී අභිජනනය
කරන ලද
පැටවුන් වේ.
ව්යාප්තිය
ෆොසිල
සාධක අනුව
උතුරු ඇමෙරිකාව, මධ්යම
ඇමෙරිකාව , යුරෝපය, ආසියාව ඇතුළුව
පුළුල් ව්යාප්තියක්
පැවති ඇලිගේටර්
ගාර් මසුන්
වර්තමානයේ දී
ඇමෙරිකා එක්සත්
ජනපදයේ දකුණු
ප්රදේශ
සිට මෙක්සිකෝව
දක්වා වූ
ප්රදේශ
වලට සීමා
වී ඇත.
ප්රදේශ
වශයෙන් ගත්කල
ෆ්ලොරිඩා, ජෝර්ජියා
, ඇලබාමා, ටෙනෙන්සිස්, අර්කන්සාස්, ඔක්ලොහෝමා සහ
ටෙක්සාස් ප්රදේශ
සඳහන් කල
හැකි ය.
ඔහියෝ , මිසුරි
සහ මිසිසිපි
ගංගා ද්රෝණි
මේ අතරින්
ප්රධාන
වේ. මේ
හැර හුදකලා
වූ මත්ස්යය
ගහනයක් නිකරගුවා
වේ වාසය
කරයි.
වාසස්ථාන
මිරිදිය
මෙන්ම කලපු
දියට ද
ඔරොත්තු දෙන
හෙයින් සෙමින්
ගලායන ජලයෙන්
යුතු විශාල
ජලාශ, ගංගා, වගුරු පරිසර
මෙන්ම කලපු
ආශ්රිතව
ද ඇලිගේටර්
ගාර් මසුන්
වාසය කරයි.
කලාතුරකින් කරදියේ
වසන ඇලිගේටර්
මසුන් ද
දැකිය හැකිය.
සියලුම ගාර්
විශේෂ අතුරින්
ලවණතාවයට හොඳින්ම
ඔරොත්තු දෙන
මත්ස්යය
විශේෂය ඇලිගේටර්
ගාර් වේ.
ශරීර
ලක්ෂණ
මොවුන්ගේ
පෘෂ්ටීය ප්රදේශය
අළුවන් කොළ
පැහැයේ (Olive
green) සිට
දුඹුරු වර්ණය
දක්වා වූ
වර්ණ පරාසයක්
ගන්නා අතර
එහි දුඹුරුවන්
ලප පවතී.
උදරීය ප්රදේශය
කහවන් හෝ
සුදු පැහැති
ය. තරුණ
මසුන්ගේ පෘෂ්ටීයව
පිහිටි සිහින්
අඳුරු පැහැ
රේඛාවන් හොඹුවේ
සිට පෘෂ්ටීය
වරල තෙක්
විහිදී ඇති
අතර අක්රමවත්
දාර සහිත
ආංශික රේඛාව
පාර්ශ්විකව විහිදේ.
ශක්තිමත්
සිහින් දිගු
සිලින්ඩරාකාර සිරුරකින්
හෙබි මොවුන්
ඉඳිකටු වැනි
තියුණු දත්
සහිත ශක්තිමත්
හනු
වලින් යුක්තය.
උඩු හනුවේ
දත්
පේලි දෙකක්
ලෙස පිහිටා
ඇති අතර
ඇතුලත දත්
පෙළ පිටත
දත් පෙලට
සාපේක්ෂව විශාලය.
යටි හනුවේ
ඇත්තේ එක්
දත් පෙළකි.
හොඹුව සාපේක්ෂව
කෙටි සහ
පළල් ය.
බොහොමයක් ආදිකල්පික
මසුන්ගේ මෙන්ම
මොවුන්ගේ ද
වල්ගය heterocercal
ආකාර ය.
එනම් සරලව
ගත්කල සමමිතියකින්
තොරය. අර්ධ
වෘත්තාකාර වල්ගා
වරලේ ඉහල
කෙලවර පහල
කෙලවරට සාපේක්ෂව
දිගින් වැඩි
ය. පෘෂ්ටීය
සහ ගුද
වරල් සිරුරේ
පිටුපසට වන්නට
වල්ගා වරල
ට ආසන්න
ලෙස පිහිටයි.
පෘෂ්ටීය, ගුද
සහ වල්ගා
වරල් වල
ඕවලාකාර කළු
ලප දැකිය
හැකි නමුත්
මසුන් වයසින්
පරිණත වන
විට එම
සලකුණු නැති
වී යයි.
ශරීරය
ඝන කොරල
ආවරණයකින් ආරක්ෂා
වන අතර
එකිනෙක අතිච්ජේදනය
වන ආකාරයට
පිහිටි මෙම
ගැනොයිඩ් වර්ගයේ
කොරල ආවරණය
මධ්යකාලීන
යුධ සන්නාහයක්
සිහිගන්වන සුළු
ය. මෝරුන්
ඇතුළු ආදිකල්පිත
මසුන්ගේ දැකිය
හැකි ලක්ෂණයක්
වන Spiral
valve intestine ගාර් මසුන්ගේ
දැකිය හැකි
තවත් සුවිශේෂ
ලක්ෂණයකි. බඩ
වැලෙහි අවසාන
කොටස ඇතුලතින්
ඇඹරී ගිය
ආකාරයට සර්පිලාකාර
කපාට වලින්
යුක්ත අතර
මෙමගින් පෝෂණ
ද්‍රව්‍ය
අවශෝෂණය කරගැනීම
වැඩි කරයි.
ඇතැම් මෝර
මසුන්, ස්ටර්ජන්, පැඩ්ල් ෆිෂ්, මඩුවන්, bichirs, skates හා
ලන්ග් ෆිෂ්
මෙම ලක්ෂණය
දරන අනෙකුත්
මත්ස්යය
වර්ග වේ.
![]() |
| Spiral Valve Intestine |
මොවුන්ගේ
වාතාශය (swim
bladder) පෙනහළුවක් ලෙස
ක්රියා
කරයි. වාහිනීමය
(රුධිර නාල
වලින් යුත්
) මෙම වාතාශය
වාතරෝධක නාලයක්
මගින් ග්රසනිකාව
හා සම්බන්ධ
වේ. මෙමගින්
ඔවුන්ට හට
වායව ශ්වසනය
සිදුකල හැකිය.
කරමල් මගින්
පමණක් සිදුවන
ශ්වසනය මත
නොයැපෙන නිසා
අඩු ඔක්සිජන්
තත්වයකට වුව
ද අනුවර්තනය
වීමේ හැකියාව
පවතී.
ගාර් පවුලේ
විශාලතමයා වන
අතර උතුරු
ඇමෙරිකානු විශාලතම
මිරිදිය මසුන්ගෙන්
කෙනෙකු ලෙස
ද සැලකේ.
ආසනන ලෙස
මීටර් 3ක්
එනම් අඩි
10 පමණ වැඩේ.
උපරිම බර
137kg
පමණ වන
අතර මොවුන්ගේ
වර්ධනය සිදු
වනුයේ ඉතා
මන්දගාමී ව
ය . ආංශික
රේඛාවේ කොරල
58-62 අතර වේ.
අභිජනනය
මොවුන්ගේ
අභිජනන හැසිරීම
පිලිබඳ විස්තරාත්මක
තොරතුරු ප්රකාශයට
පත්වී නැත.සාමාන්යයෙන්
ගැහැණු මත්ස්යයෙකු
ලිංගිකව පරිණත
තත්වයට පත්
වීමට වසර
11ක් පමණ
ගතවන බවට
සඳහන් වේ.
පිරිමි මත්ස්යයෙකු
සඳහා එම
කාලය වසර
06කි. අවුරුද්දකට
වරක් අභිජනනය
සිදුවන අතර
එම කාලය
මැයි සිට
ජුලි දක්වා
ලෙසට හඳුනාගෙන
ඇත. අභිජනනය
සිදු වනුයේ
අණ්ඩජ ආකාරයට
ය, එනම්
බිත්තර සංසේචනය
සිදුවනුවේ මවු
මත්ස්යයා
ගේ සිරුරෙන්
පිටතය.
ගැහැණු
මත්ස්යයා
වරකට ගල්
හෝ ගස්
වලට ඇලී
පවතින තද
කොළ හෝ
රතු පැහැති
බිත්තර 138,000 ක්
පමණ දමන
අතර මෙම
බිත්තර මිනිසුන්
ට විෂ
සහිතය. පිරිමි
මත්ස්යයා
විසින් සංසේචන
කරන ලද
මෙම බිත්තර
දින 6-8 අතර
කාලයකදී පුපුරා
පැටවුන් බිහි
වේ. අලුත
උපන් පැටවුන්ගේ
හොඹුව කෙළවර
තැටියක් වන
උපාංගයක් ඇති
අතර එමගින්
ඔවුන් ගස්
හෝ ගල්
වල ඇලී
සිටිනු දැකිය
හැකිය. දින
5-10 අතර කාලයක්
බිත්තර සාරය
අවශෝෂණය වන
තෙක් මෙසේ
රැඳී සිටින
පැටවුන් එය
අවසන් වූ
පසු ආහාර
සොයා යාම
අරඹයි. අභිජනන
ක්රියාවලිය
සඳහා බොහෝ
විට ශාක
වලින් ගහන
පිටාර
තැනි යොදාගනී.
එමගින් පැටවුන්ට
විලෝපිකයන්ගෙන් වන
හානි අවම
වේ. කුඩා
පැටවුන්
ජල මතුපිට
කෝටු කැබලි
මෙන් පාවෙමින්
සිටීයි. පැටවුන්
දෙමාපිය රැකවරණයෙන්
තොරව ස්වාධීනව
වැඩේ.
ගැහැණු
මසුන්ට පිරිමි
මසුන් ට
සාපේක්ෂය වැඩි
ආයු කාලයක්
හිමි අතර
ශරීට ප්රමාණයෙන්
ද විශාල
ය. ස්වභාවික
පරිසරයේ දී
ඇලිගේටර් ගාර්
මසුන්ගේ උපරිම
ආයු කාලය
වසර 50ක්
පමණ වන
අතර සාමාන්යය
අගයක් ලෙස
ගත්විට එය
වසර 26ක්
පමණ බව
සඳහන් වේ.
ආහාර
මාංශ
භාක්ෂයකයන් වන
මොවුන් ඉතා
ඉවසීමෙන් බලා
සිට ගොදුර
අල්ලා ගැනීමට
ශුරයන්. Sit
and wait predators ලෙස හඳුන්වන්නට
මෙම කාරණය
හේතු වී
ඇත. බැලු
බැල්මට ඉතා
අලස ලෙස
සිටින මත්ස්යයෙකු
ලෙස පෙනුනත්
ගොදුරක් දුටු
සැනින් ඉතා
වේගවත් ව
ක්රියාත්මක
වේ. මොවුන්ගේ
වරල් සැකසුම
අවශ්‍ය
විටෙක වේගවත්
ව පිහිනීමට
ඉවහල් වේ.
ගොදුරු කරගත
හැකි ඕනෑම
සතෙක් ආහාරයට
ගන්නා මොවුන්
ස්වභාවික පරිසරයේ
දී ප්රධාන
වශයෙන් මාළු
වර්ග මත
යපුනත් තාරාවන්, ඉබ්බන්, කුඩා ක්ෂීරපායින්,
ක්රස්ටේශියාවන්
මෙන්ම
මළ සතුන්
ද ආහාරයට
ගනී. ලවණ
ජලයේ වසන
ගාර් මසුන්ගේ
ප්රධානතම
ආහාරය වනුයේ
නිල් කකුළුවන්
වන අතර
මාළු වර්ග
ද ආහාරයට
ගනී.
ගෘහස්ථව
ඇති කිරීමේ
දී ශීතකළ
(Frozen)
ඉස්සන්, මාළු
වර්ග ආදියට
හුරු කරගත
හැකි ය.
වැඩුණු මත්ස්යයෙකුට
සතියකට වරක්
හෝ දෙවරක්
ආහාර ලබාදීම
ප්රමාණවත්
ය. ජීවී
මසුන් ලබාදෙන්නේ
නම් අනිවාර්යෙන්ම
නිරෝධායනය කරන
ලද මසුන්
ලබා දිය
යුතුය අවම
වශයෙන් සති
දෙකක කාලයක්
වත් නිරෝධායනය
කල යුතු
වේ. ජීවී
ආහාර ලබා
දීමේ විශේෂ
ප්රතිලාභයක්
නැතත් ඒ
මගින් රෝග
වැළඳී මේ
අවධානමක් ඇති
වීමේ සම්භාවිතාවයක්
පවතී. කුකුළු
මස්, හරක්
හදවත් වැනි
කුරුළු හෝ
ක්ෂීරපායි මාංශ
ලබා දීම
නුසුදුසුය. ඒවායේ
අඩංගු මේද
කොටස ජීර්ණය
අපහසු වීම
මගින් මත්ස්යයා
ගේ සෞඛ්‍ය
තත්වය පිරිහීමට
ලක් විය
හැකිය.
ගෘහස්තව
ඇතිකිරීම
ඉතා
විශාලව වැඩෙන
මෙම මසුන්
සඳහා සුදුසු
ප්රමාණයේ
ටැංකියක් ලබාදිය
යුතු අතර
ජල ගලනය
මන්දගාමී ව
සිදු විය
යුතුය. ආලෝකය
අඩු තත්වයක්
පවත්වා ගැනීම
සුදුසුයි. උෂ්ණත්වය
සෙල්සියස් අංශක
11-23 ත් අතර
සහ ph අගහ
6.0-8.0 අතර හිතකර
තත්ත්ව වේ.
©janakiecjoseph20200421



Comments
Post a Comment