ස්නේක්හෙඩ් මසුන් අතර රජු, බාර්කා ස්නේක්හෙඩ් (Channa barca, Hamilton,1822)
හැඳින්වීම
Channidae පවුලට
අයත් චන්නා
බාර්කා දුර්ලභ, අලංකාර මත්ස්යය
විශේෂයකි.
King of Snakehead යන අන්වර්ථ
නාමයෙන් හඳුන්වන
මොවුන් මුලින්ම
Ophicephalus
barca යන
නාමයෙන් හැඳින්වුවද
ගණ නාමය
වෙනස් වීමත්
සමඟ Channa
barca ලෙස
නාමකරණය කරන
ලදී. අලංකාර
බව හා
දුර්ලභ බව
නිසාම මිලෙන්
අධික මත්ස්යය
විශේෂයක් වන
මොවුන් ශ්රී
ලංකාවේ දී
යුවලක්
$2000-2500
ක් පමණ
මිල වේ.
සාමාන්යය
ව්යවහාරයේ
දී බාර්කා
ස්නේක්හෙඩ් ලෙස
හඳුන්වන මොවුන්
බංග්ලාදේශයේ දී
Pipla
shol, Pipla, Tila, Bakk-lati, Tila shol යන
නම් වලින්
හඳුන්වන අතර
මසුන්
ජීවත් වන
ප්රදේශ
අනුව වර්ණ
ප්රභේද
තුනක් දැකිය
හැකිය. ප්රධාන
වශයෙන් නිල්
වර්ණයද, අමතර
ව කොළ
වර්ණය ද
ඇති අතර
ඉතා කලාතුරකින්
කළු වර්ණයෙන්
යුතු මසුන්
ද දැකිය
හැකිය.
වර්ෂා
සමයන් හි
දී වනාන්තර
වල සිට
පැමිණෙන දිය
පහරත් සමග
කුඹුරු බිම්
වලට ගසාගෙන
ආ බාර්කා
මසුන් ඉන්දීය
ගොවියන්ගේ හොඳ
ආදායම් මාර්ගයක්
වන අතර
ඔවුන් එකතු
වී ගැනුම්
කරුවකු පැමිණෙන
තෙක් මත්ස්යයන්
ආරක්ෂා කරයි.
ව්යාප්තිය
ඉන්දියාව
සහ බංග්ලාදේශය
නිජබිම කරගත්
බාර්කා මසුන්
මුලින්
සඳහන් කල
පරිදිම දුර්ලභ
මත්ස්යය
විශේෂයකි. වර්තමානය
වන විට
ඊසානදිග ඉන්දියාවේ
ඇසෑම් සහ
නාග්ලන්ඩ් ප්රදේශ
වලට සීමා
වී ඇති
මොවුන් ගංගා
සහ බ්රහ්මපුත්ර
ගංගා ද්රෝණි
ආශ්රිතව
දැකිය හැකිය.
බංග්ලාදේශයේ
Dekhar
haor, Sunamganj, Rajshahi, Chapainawabaganj, Jashore ප්රදේශ
වලින් බාර්කා
මසුන් හමු
වී ඇති
අතර ඒ
ගංගා ගඟේ
අතු ගංගා
වන මහනන්දා
සහ පද්මා
ගංගා ද්රෝණි
සහ Bhairab
ගංගා ද්රෝණිය
ආශ්රිතවය.
වර්ෂ 2015 දී
නිකුත් වූ
බංග්ලාදේශ IUCN රතු
දත්ත වාර්තාවට
අනුව අතිශය
තර්ජනයට ලක්
වූ (CR)
විශේෂයක් ලෙස
හඳුනාගෙන ඇත.
වර්ෂ
1964 දී Bhuiyan
විසින් පකිස්ථානයේ
නැගෙනහිර සහ
බටහිර ප්රදේශ
වල බාර්කා
මසුන් සිටි
බවට වාර්තා
කර ඇතත්
එය වරදවා
හඳුනාගැනීමක් බවට
සැක පහල
කරයි.
වාසස්ථාන
ශීත
සෘතුවේ දී
වියළි තත්වයේ
පවතින තෙත්බිම්
මායිම් වල
සිරස් අතට
ඇති ගුල්/
ගුහා තුල
මොවුන් වාසය
කරන බවට
නිරීක්ෂණය කර
ඇත. බොහෝ
දුරට මෙම
ගුහා මීටරයක
පමණ ගැඹුරින්
යුතු වන
අතර භූගත
ජල මට්ටම
තෙක් දිවෙන
පිවිසීම් උමං
මාර්ග වැනි
අවකාශ එකක්
හෝ කිහිපයක්
පවතී.
ශීත
සාමය තුල
දී ජලගැල්ම
නිසා සුපුරුදු
වාසස්ථාන අහිමි
වූ විට
මෙම ගුල්
මොවුන්ට රක්ෂාස්ථානයක්
ලෙස ක්රියාකරන
අතර මේවායේ
සැඟවී සිට
දඩයම් කිරීම
මෙන්ම අභිජනනය
සඳහා ද
භාවිතා කරයි.
ශරීර
ලක්ෂණ
සමස්තයක්
ලෙස ගත්කල
සිරුර දිගටි
රවුම් හැඩයකින්
යුතුය. හිසෙහි
දිග ඇසෙහි
විෂ්කම්භය මෙන්
හත් ගුණයක්
පමණ වන
බවට නිරීක්ෂණය
කර ඇත.
ශ්රෝණි
වරල දිගින්
ලය වරලේ
දිගින් 40%ක්
පමණ වන
අතර වල්ගා
වරල රවුම්
ය. වල්ගා
වරල සිරුරේ
පළල ට
වඩා දිගින්
වැඩිය. ආංශික
රේඛාවේ කොරල
21-23 දක්වා පැමිණි
පසු කොරල
එකක පමණ
ප්රමාණයක
බැස්මකින් පසු
වල්ගා වරලේ
පාදම තෙක්
විහිදේ. 80cm-90cm පමණ
දක්වා උපරිම
වර්ධනයක් පෙන්වයි.
සමස්තයක්
ලෙස ශරීර
වර්ණය වයලට්
පැහැයක් ගන්නා
අතර , බඳ
පෙදෙසට වන්නට
අවපැහ ශ්වේත
වර්ණයක් ගනී.
ආන්ශිකව හා
පසුපස කොටසේ
විශාල කළු
පැල්ලම් දැකිය
හැකිය. මේ
ආකාරයේ සලකුණු
පෘෂ්ටීය, ගුද
සහ වල්ගා
වරල් වල
ද දැකිය
හැකිය. වරල්
වල දාර
රතු පැහැතිය.
ළය වරල
ලා රත්
පැහැයක් ගන්නා
අතර කළු
ඉරි/ තිත්
දැකිය හැකිය.
රූපීය
ව ගත්කල
ගෝල්ඩන් කෝබ්රා
( Channa
aurntimaculata, Musikasinthorn,2000 ) මසුන්ට
තරමක සමානත්වයක්
දැක්වුවද මොවුන්ව
වෙන්කර හඳුනාගත
හැකි සුවිශේෂී
ලක්ෂණ කිහිපයකි.
එනම්, මුලික
වශයෙන් වර්ණය
, ආංශික රේඛාවේ
කොරල 62-63 ක්
පමණ පිහිටීම, පෘෂ්ටීය වරලේ
කිරණ 50-51 අතර
පැවතීම, ගුද
වරලේ කිරණ
33-34 අතර
පැවතීම ආදී
ලක්ෂණ වේ.
හිසෙහි පිහිටා
ඇති සංවේදන
කූප දෙක
තනි ඉරක්
ඇඳිය හැකි
ලෙස රේඛීයව
පිහිටා ඇත.
යටි හනුවේ
දෙපසින් එක්
පසක දෙක
බැගින් ප්රමාණයෙන්
විශාල සයික්ලොයිඩ්
කොරල පිහිටා
ඇත.චන්නා
පවුලේ අනෙකුත්
මසුන්ට මෙන්ම
මොවුන්ට ද
Suprabranchial
ශ්වසන අවයව
පිහිටා
ඇත.
ගති
ලක්ෂණ
අඟල්
30-35 පමණ උපරිමයක්
දක්වා වැඩෙන
බාර්කා වඩාත්
සුදුසු වනුයේ
මහජන මින්මදුරකට
හෝ තරමක
විශාල ටැංකියකට
ය. සාපේක්ෂව
කලබලකාරී බවින්
අඩුය. ටැංකි
සැකසීමේ දී
මතුපිට ආවරණයක්
ආකාරයට පාවෙන
ජලජ ශාක
යොදා ගැනීම
වඩාත් උචිත
ය. පලා
යාමේ දක්ෂයන්
වන චන්නා
විශේෂ සඳහා
ඉතා හොඳින්
වැසුණු ටැංකියක්
වීම අනිවාර්ය
වේ. ජල
පෘෂ්ටය සහ
ටැංකියේ වැස්ම
අතර තරමක
වාතාවකාශයක් සපයා
දිය යුතුය.
මොවුන් සඳහා
උස්නත්ව පාලනය
වැදගත් වන
අතර ශීත
හා ග්රීෂ්ම
සෘතු අතර
වෙනස පවත්වා
ගැනීම වැදගත්වේ.
ශීත සමයේ
ආහාර අඩු
ප්රමාණයක්
ලබාදිය යුතුය.
උෂ්ණත්වය සෙල්සියස්
අංශක 10-28 අතර
සහ ph අගය
6.0-8.0 මොවුන් සඳහා
හිතකර තත්ත්ව
වේ.
ගැහැණු
සහ පිරිමි
මසුන් සැලකීමේ
දී 150 mm පමණ
වන විට
පිරිමි මසුන්ගේ
පෘෂ්ටීය වරලේ
වර්ණ රටාවල
තීව්ර
බවක් දැකිය
හැකිය. ඒ
හැරුන විට
වැඩුණු ගැහැණු
මසුන්ගේ හිස
සාපේක්ෂව පැතලි
බැවින් වැඩිය.
තනිව
ඇතිකිරීමට නිර්දේශ
කරන බාර්කා
මසුන් තම
විශේෂයේම මසුන්
කෙරෙහි වුවද
කලහකාරී ලෙස
හැසිරේ. මොවුන්
නොසේතු අවස්තාවක
දරුණු විය
හැකි අතර
දීර්ඝ කාලයක්
එක්ව සිටි
යුවලක් හෝ
කණ්ඩායමක් අතර
වුවද ගැටීම්
ඇතිවිය හැකිය.
කෙසේ වුවද
අනෙකුත් මත්ස්යය
විශේෂ සමග
කමියුනිටි ටෑන්ක්
සඳහා ද
බාර්කා මසුන්
යොදාගන්නා අවස්ථා
ඇත. විශේෂයෙන්ම
අත්දැකීම් බහුල
මසුන් ඇතිකරන්නන්
සඳහා නිර්දේශ
කල හැකි
මත්ස්යය විශේෂයකි.
ආහාර
මාංශ
භක්ෂක මොවුන්
ප්රධාන
වශයෙන් යැපෙනුයේ
කුඩා මසුන්
හා කෘමීන්
ගොදුරු කර
ගැනීමෙන් වුවද
ගංගා පිටාර
ගැලු අවස්තාවන්
වලදී අබ
වගාවන් වල
ට ඇතුළු
වී අබ
මල් ආහාරයට
ගන්නා බව
වාර්තා කර
ඇත.
ස්වභාවික
පරිසරයෙන් පිටත
දී ඉතා
සාර්ථකව මළ
සත්ත්ව ආහාර
( කැපු ඉස්සන්/
මාළු වර්ග
) සඳහා හුරු
වීමේ හැකියාව
පවතී.කුඩා
කාලයේ දී
බ්ලඩ් වොර්ම්ස්, අර්ත් වෝර්ම්ස්, කපන ලද
ඉස්සන් ආදිය
ආහාර ලෙස
ලබාදිය හැකි
අතර වැඩුණු
සතුන් සඳහා
ඉස්සන්, මාළු
වර්ග, බෙල්ලන්
ආදිය ආහාරයට
දිය හැකිය.
කුරුළු හා
ක්ෂීරපායි මාංශ
ලබාදීම නුසුදුසු
ය. කුකුළු
මස්, ගව
හදවත් ආදී
ආහාර ලබා
දීමෙන් ඒවාගේ
මේද කොටස්
ජීර්ණය නොවී
තැන්පත් වීම
මත්ස්යයාට
හානිදායක වේ.
සටහන:
ස්වභාවික
පරිසරයෙන් පිටත
බාර්කා මසුන්
අභිජනනය තවමත්
පර්යේෂණ මට්ටමේ
පවතින බැවින්
විසිතුරු මසුන්
කර්මාන්තය සඳහා
ස්වභාවික පරිසරයේ
මසුන් අල්ලා
ගැනීම ඔවුන්ගේ
ගහණය අඩු
වීමට තදින්ම
බලපෑ හේතුවකි.
ඉන්දියානුවන් විසින්
මොවුන් සංරක්ෂණය
කිරීම හෝ
මොවුන්ගේ ආරක්ෂාව
සඳහා විශේෂ
නීති පනවා
නැතත් මොවුන්ගේ
වාසස්ථාන රක්ෂිත
වනාන්තර තුල
පිහිටා තිබීම
හේතුවෙන් තරමක
ආරක්ෂාවක් සැලසී
ඇත. වර්ෂා
සමයන් හි
දී වනාන්තර
වලින් පිටතට
එන මසුන්
අල්ලා විකිණීම
සිදු කරයි. අනෙකුත් චන්නා විශේෂ වලට සාපේක්ෂව මොවුන් වාසය කරන ක්ෂුද්ර පරිසර පද්ධති විශේෂ වීම මෙන්ම ගහණය අඩු වීම නිසා මොවුන් සංරක්ෂණය කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කල යුතු
දුර්ලභ මත්ස්යය
විශේෂයකි
©geethgunasekara20200423
Comments
Post a Comment