ජුරාසික යුගයේ සිට පැවත එන ආදිකල්පිත මත්ස්‍යය පවුල - Gar
(Family Lepisosteidae , G.
Cuvier,1825)
රුපාකාරයෙන්
කිඹුලෙකුට කකුල්
වෙනුවට වරල්
පිහිටියාක් මෙන්
වූ පෙනුමෙන්
යුක්ත ආදී කල්පික මත්ස්‍යය විශේෂයක් වන ගාර්
මසුන් ඉතා
දිගු ඉතිහාසයකට
හිමිකම් කියන
මත්ස්යය
පවුලකි.
Ganoid (මත්ස්‍යය
කොරල වර්ග 4ක් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් එක් ආකාරයකි) කොරල දරන Ginglymodi ගෝත්‍රයට අයත් එකම
සජීවී මත්ස්‍යය පවුල වනුයේ ගාර් පවුල යි. මෙම මසුන්ගේ හැඩය හේතුවෙන් Anglo-Saxon හෙවත්
පැරණි ඉංග්‍රීසි භාෂාවෙන් හෙල්ල (Spear)
යන අරුත දෙන Gar
යන වදන මොවුන් හඳුන්වන්නට යොදාගෙන ඇත. ගණ නාමය වන Lepisosteidae යන්න කොරල (Scales)
යන අරුත දෙන lepis යන
ග්‍රීක වදන හා අස්ථිමය යන අරුතින් යුතු osteon
යන වදන එක්වී සෑදී ඇත. ගාර් මසුන්ගේ දෘඩ අස්ථි සහ ඝන කොරල
ආවරණය ඒ සඳහා හේතු පාදක වන්නට ඇත.
ගාර්
මසුන්ගේ මුලික
රූපාකාරය ක්රිටේසියස්
යුගයේ සිටම
වැඩි වෙනසකට
බඳුන් වී
නොමැති අතර
මේ මසුන්ගේ
පරිණාමය පිළිබඳව
පසුගිය දශක
කිහිපය පුරාවටම
විවිධ අධ්යනයන්
සිදුව ඇත.
ජුරාසික යුගයේ
සිට පැවත
එන ගාර්
මසුන්ගේ ෆොසිල
සාධක යුරෝපය, දකුණු සහ
උතුරු ඇමෙරිකාව
මෙන්ම අසල්වැසි
ඉන්දියාවෙන්ද හමුවන
අතර වර්තමානයට
වඩා පුළුල්
ව්යාප්තියක්
පැවතුන බවට
මෙම ෆොසිල
සාක්ෂි දරයි.
උරගයන්ගේ කාලය
ලෙස සැලකෙන
මෙසසොයික යුගය
තුල මොවුන්
ඉතා සාර්ථක
ලෙස පුළුල්
ව්යාප්තියක්
ඇතිව ජීවත්ව
සිටි බවට
සැලකෙන මොවුන්
වර්තමානයේ
උතුරු අමෙරිකානු
කලාපයට පමණක්
සීමා වී
ඇත. Lepisosteidae මත්ස්යය
පවුල Atractosteus සහ
Lepisosteus ලෙස
ගණ දෙකකින්
යුක්ත වන
අතර එම
ගණ දෙකට
අයත් විශේෂ
13 ක් අතුරින්
වර්තමානයේ ජීවත්
වනුයේ විශේෂ
07ක් පමණි.
![]() |
| Lepisosteidae ෆොසිලයක් |
පරිණාමික අධ්‍යනයන් වලදී ඉතා වැදගත් ස්ථානයක්
ගන්නා ගාර් මසුන් ගේ ෆොසිල සාධක වලට අනුව ක්‍රිටසියස් යුගයේ අග භාගයේ දී කාණ්ඩ
දෙකකට බෙදුණු බව හඳුනා ගත හැකි වේ. එනම්, දැනට ජීවත් වන ගාර් විශේෂ අයත් වන Lepisosteidae සහ මිහිපිටින් වඳ වී ගිය විශේෂ පමණක් අයත් වන Obichthyidae ලෙසිනි. මේ අතුරින් ඇන්ටාර්ක්ටිකාව සහ ඔස්ට්‍රේලියාව
හැර ලෝකයේ සෙසු ප්‍රදේශ වලින් Lepisosteidae ෆොසිල හමුවන අතර Obichthyidae ෆොසිල වයඹදිග බ්‍රසීලය හා මොරොක්කෝව යන ප්‍රදේශයන්ට
පමණක් සීමා වී ඇති අතර මේවා ක්‍රිටසියස් යුගයට අයත් වේ. මෙක්සිකෝවේ Tlaxiaco ද්‍රෝණියෙන් හමුවූ Nhanulepisosteus
mexicanus ලෙස නම්
කර ඇති ෆොසිලය ඉහල ජුරාසික යුගයට (157 myr)අයත් ෆොසිලය දැනට හඳුනාගෙන ඇති පැරණිතම ෆොසිල වන
අතර හිස් කබලේ කොටස් සහ කොරල ෆොසිලගත ව ඇත.
![]() |
| ෆොසිලගත ගාර් මත්ස්‍යය කොරල |
ඉංග්‍රීසි
භාෂාවෙන් Gar pikes,
Garfishes, Gars ලෙස සාමාන්‍යය ව්‍යවහාරයේ දී හඳුන්වන
මොවුන් ප්‍රංශ බසින් Lepisostes
ලෙසත් ස්පාඥ්ඥ බසින් Pejelagartos ලෙසත්
හඳුන්වයි. වර්තමානය වන විට මෙම මත්ස්‍යය කාණ්ඩය නැගෙනහිර උතුරු ඇමෙරිකාව, මධ්‍යම
ඇමෙරිකාව Quebec සිට
කොස්ටාරිකා දක්වා මෙන්ම කියුබාව යන ප්‍රදේශ වලට සීමා වී ඇත.
භෞතික
ලක්ෂණ සැලකීමේ දී හොඳින් දියමන්ති හැඩති ඝන කොරල වලින් ආවරණය වූ දිගු නාලාකාර
ශරීරයකට හිමිකම් කියන මොවුන්ගේ හිස සහ හොඹුව (Snout) කොරල වලින් තොර
වේ. Ganoin ආවරණය
මෙම කොරල වලට දීප්තිමත් බවක් ලබා දේ. මෙම ඝන කොරල ආවරණය ඔවුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂාව
සපයන මෙවලමක් වැනිය. මොවුන් දිගු ශක්තිමත් හනු දරන්නන් ය. ඉඳිකටු මෙන් තියුණු දත්
සහිතය. සාමාන්‍යයෙන් නොගැඹුරු ශාක ගහන ජලජ පරිසරයක වාසය කරන මොවුන් අවම ඔක්සිජන් තත්වයක දී ද දිවි රැකගැනීමට අනුවර්තනය
වී ඇත. කරමල් මගින් සිදුවන ශ්වසනය මත පමණක් නොයැපෙන ඔවුන් දිය මතුපිටට පැමිණ
වායුගෝලීය ඔක්සිජන් ලබාගැනීමේ හැකියාවකින් යුක්ත වීම විශේෂ ලක්ෂණයක් ලෙස හැඳින්විය
හැකිය. ඒ සඳහා ඔවුන්ට අන්නස්‍රෝතය හා සම්බන්ධව ප්‍රාථමික පෙනහළු ලෙස ක්‍රියාකරන වාතාශයක් (Swim bladder) පිහිටා ඇත.
වාතාශයේ ඇතුලත ඇති තරමක රළු බවකින් යුතු සෛලීය ස්ථරය මගින් වාතය අවශෝෂණය සිදු
කරයි.
![]() |
| Ganoid Scales |
මීටර් 2-3 පමණ දක්වා වැඩෙන විශාල සිරුරකට හිමිකම් කියන
මොවුන් සෙමින් පිහිනන මසුන් ය. විශේෂ 07 අතුරින් වඩාත්ම විශාල ව
වැඩෙන විශේෂය ඇලිගේටර් ගාර් වේ. කෑදර විලෝපිකයන් වන මොවුන් තියුණු දත් වලින් මසුන්
හා ක්‍රස්ටේසියාවන් ඩැහැගැනීමේ සමතුන්ය. වරල් ද අවශ්‍ය වූ විටක ගොදුරක් ඩැහැගැනීම ට වේගවත් ලෙස පිහිනිය හැකි
ආකාරයට පිහිටා ඇත. පෘෂ්ටීය සහ ගුද වරල් සිරුරේ පසුපසට වන්නට වල්ගා වරල ට ආසන්නව
පිහිටයි. බොහෝ ෆොසිල මසුන්ට මෙන් මොවුන්ට ද ඇත්තේ කෙටි Heterocercal
, එනම්
ඉහල කෙලවට පහල කෙලවරට වඩා දිගින් වැඩි ආකාරයට පිහිටි රවුම් වල්ගා වරලකි.
ප්‍රධාන
වශයෙන් මිරිදිය වාසීන් වන ගාර් මසුන් හට කලපු දිය ට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති
අතර කලාතුරකින් කරදිය පරිසරයට ඔරොත්තු දෙන ගාර් මසුන් ද දැකිය හැකිය. මේ නිසා
මොවුන් ද්වීතියික මිරිදිය මසුන් ලෙස හැඳින්වේ. ගාර් මත්ස්‍යයන් මනුෂ්‍යය ආහාර ලෙස
භාවිතා කරන නමුත් ඔවුන්ගේ බිත්තර මිනිසුන්ට විෂ සහිතය. ගාර් මසුන්ගේ ඝන සම සහ කොරපොතු ද විවිධ නිෂ්පාදන සඳහා භාවිත
වේ.
![]() |
| ඇලිගේටර් ගාර් කොරල වලින් නිර්මිත පළඳනා. |
ඉහත
සඳහන් කල ආකාරයට මේ වනවිට ජීවත් වන ගාර් විශේෂ ගණන 07ක් වන අතර ඔවුන්ගේ ශරීර ප්‍රමානයන්ට අනුව පෙළගැස්වූ විට පහත ආකාර වේ.
Lepisosteus
osseus, Linnaeus,1758
Longnose Gar
Lepisosteus
oculatus, Winchell,1864
Spotted Gar
Lepisosteus platostomus,
Rafinesque,1820
Shortnose Gar
Lepisosteus
platyrhincus, DeKay,1842
Florida Gar
Atractosteus
tropicus, T.N. Gill, 1863
Tropical Gar
Atractosteus
tristoechus, Bloch &
Schneider,1801
Cuban Gar
Atractosteus
spatula, Lacepede, 1803
Alligator Gar
මේ
අතරින් විශාලතමයා වන ඇලිගේටර් ගාර් පිළිබඳව විස්තරාත්මක ලිපියක් සමඟ නැවත හමුවෙමු
.
©janakiecjoseph20200415
මුලාශ්‍ර :








Comments
Post a Comment