Posts

Showing posts from September, 2019

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2

Image
කලකට ඉහත දී අරුම පුදුම පිහිනන ජෙනරේටරය ලෙස හැඳින්විය හැකි විදුලි ආඳා  ( Electophorus electricus ) පිළිබඳව ලිපියක් පල කල බව ඔබට මතක ඇති. ඒ වනවිට   ශතක දෙකහමාරකට පෙර Linnaeus විසින් හඳුන්වා දුන් පරිදි දකුණු ඇමෙරිකානු කලාපයේ සිටි විදුලි ආඳන් එකම විශේෂයක් ලෙස සැලකුණත් නවතම පර්යේෂණ ප්‍රථිපල අනුව Electophorus ගණයට අයත් තවත් නව විශේෂ දෙකක් හඳුන්වා දී ඇත. ජාන විද්‍යාත්මක මෙන්ම රූප විද්‍යාත්මක සාධක සැලකිල්ලට ගනිමින් මෙම නව විශේෂ දෙක නම්කර ඇති අතර ඒ අනුව Electophorus ගණයට අයත් විදුලි ආඳුන් විශේෂ 03ක් ඇති බව හඳුනාගෙන ඇත. 1.        Electophorus electricus 2.        Electophorus voltai 3.        Electophorus varii මෙම පර්යේෂණය සඳහා මුලින්ම හඳුන්වා දුන් electricus විශේෂයේ දර්ශීය නිදර්ශකය ලබාගත් ප්‍රදේශය වූ සුරිනාමය ( Suriname) ඇතුළු ඇමේසන් කලාපයම ආවරණය වන පරිදි නිදර්ශක 107 ක් අධ්‍යනය කර ඇත. මයිටොකොන්ඩ්රියල් සහ න්‍යෂ්ටික DNA අධ්‍යනයන්ට අනුව මෙම විශේෂ තුන එකම ගහනයක්ව පැවත යම් යම් කාල පරාසයන් තුල වෙන්ව නව විශේෂයන් ලෙස පරිණාමයට ලක්ව ඇති බවට හඳුනාගෙන ඇත. ඒ අනුව මෙම විශේෂ තුන භූ විද්

අලංකාර නපුරෙක්, අප්‍රිකානු ටයිගර් මසුන් ගැන දැනගනිමු...

Image
 African Tiger Fish ( Hydrocynus vittatus) වර්ෂ 1861 දී ප්‍රංශ ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වූ Francis de Laporte de Castelnau විසින් නාමකරණය කරන ලද අප්‍රිකානු ටයිගර් ෆිෂ් හෙවත් විටාටස් ටයිගර් ෆිෂ් අයත් වනුයේ ද ඔබ හොඳින් හඳුනන කුඩා නියෝන් ටෙට්‍රා මත්ස්‍යයා ගේ සිට පිරානා මත්ස්‍යයන් ද අයත් වන Characiformes ගෝත්‍රය ට ය. Tiger Fish, Tiger Characin, Ndweshi, Tiervis යන නම් වලින් ද හඳුන්වන මොවුන් අප්‍රිකානු කලාපය නිජබිම කරගත් මත්ස්‍යය කාණ්ඩයකි. ඉපැරණි ග්‍රීක බසින් ජලය යන අරුත ඇති ὕδωρ (Hydor = water ) සහ සුනඛයාට භාවිත වන κύων (kyon = dog ) වදන් එක්කර Hydrocynus ගණ නාමය සෑදී ඇති අතර ලතින් වදනක් වන vittatus යන්නෙහි අරුත “ඉරි සහිත/ ඉරි වැටුණු “ (Stripped) යන්නයි. ඒ අනුව සරලව ගත්කල ඉරි වැටුනු දිය බල්ලා යන අරුතින් යුතුව විද්‍යාත්මක නාමකරණය ලබා දී ඇති බව පැහැදිලි වේ. අප්‍රිකානු කලාපයට ආවේණික Characiformes ගෝත්‍රයට අයත් මත්ස්‍යයන් අයත් වන Alestidae කුලයට මෙම ටයිගර් ෆිෂ් අයත් වන අතර එම කුලයට ගණ 18 කට අයත් විශේෂ 119 ක් පමණ අයත් වේ. ඒ අතරින් ටයිගර් ෆිෂ් අයත් වනුයේ Hydrocynu s ගණයට වන