පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2



කලකට ඉහත දී අරුම පුදුම පිහිනන ජෙනරේටරය ලෙස හැඳින්විය හැකි විදුලි ආඳා  (Electophorus electricus ) පිළිබඳව ලිපියක් පල කල බව ඔබට මතක ඇති. ඒ වනවිට  ශතක දෙකහමාරකට පෙර Linnaeus විසින් හඳුන්වා දුන් පරිදි දකුණු ඇමෙරිකානු කලාපයේ සිටි විදුලි ආඳන් එකම විශේෂයක් ලෙස සැලකුණත් නවතම පර්යේෂණ ප්‍රථිපල අනුව Electophorus ගණයට අයත් තවත් නව විශේෂ දෙකක් හඳුන්වා දී ඇත. ජාන විද්‍යාත්මක මෙන්ම රූප විද්‍යාත්මක සාධක සැලකිල්ලට ගනිමින් මෙම නව විශේෂ දෙක නම්කර ඇති අතර ඒ අනුව Electophorus ගණයට අයත් විදුලි ආඳුන් විශේෂ 03ක් ඇති බව හඳුනාගෙන ඇත.

1.       Electophorus electricus
2.       Electophorus voltai
3.       Electophorus varii

මෙම පර්යේෂණය සඳහා මුලින්ම හඳුන්වා දුන් electricus විශේෂයේ දර්ශීය නිදර්ශකය ලබාගත් ප්‍රදේශය වූ සුරිනාමය (Suriname) ඇතුළු ඇමේසන් කලාපයම ආවරණය වන පරිදි නිදර්ශක 107ක් අධ්‍යනය කර ඇත. මයිටොකොන්ඩ්රියල් සහ න්‍යෂ්ටික DNA අධ්‍යනයන්ට අනුව මෙම විශේෂ තුන එකම ගහනයක්ව පැවත යම් යම් කාල පරාසයන් තුල වෙන්ව නව විශේෂයන් ලෙස පරිණාමයට ලක්ව ඇති බවට හඳුනාගෙන ඇත. ඒ අනුව මෙම විශේෂ තුන භූ විද්‍යාත්මකව වෙනස් වූ කලාප තුනකට සීමා වී ඇත. ඒ අනුව Electophorus electricus ගියානා ව (Guiana Shield) ආශ්‍රිතව ද , Electophorus votai බ්‍රසීලියානු කලාපයේ ද , Electophorus varii ඇමේසන් ද්‍රෝණියේ පහත්බිම් කලාපයේ ද වාසය කරයි.



රූපවිද්‍යාත්මක ලක්ෂණ සැලකීමේ දී වර්ණ සැලකීමේ දී මෙම විශේෂයන් තුනෙහි පැහැදිලි වෙනස්කම් නිරීක්ෂණය අපහසු ය. ඒ අනුව යටි හනුව , ස්නායු කපාලය (neurocranium) සහ cleithrum අස්ථිය සැලකිල්ලට ගෙන ඇත. ඒ හැරුණු විට හිසේ හැඩය ද විශේෂය අනුව වෙනස් ලක්ෂණ දරන බවට හඳුනාගෙන ඇත.




මොවුන් සතු විදුලිය නිපදවීමේ හැකියාව සැලකීමේ දී මුලින් හඳුනාගෙන සිටි වෝල්ට් 600 අගය ඉක්මවා යන වෝල්ට් 860ක අගයක් නිකුත් කල හැකි නව විශේෂයක් ඇති බවද  හඳුනාගෙන ඇත.



©janakiecjoseph20190927

Reference:

C. David de Santana1 et al , 2019 Unexpected species diversity in electric eels with a description of the strongest living bioelectricity generator - Nature Communications






Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු