ටැංකිය පිරිසිදු කරන අලංකාර Kuhli Loach
හැඳින්වීම කුහ්ලි ලෝච් එහෙමත් නැත්නම් Pangio kuhlii කියන්නේ ක්‍රියාශීලි ලස්සන සුටි මත්ස්‍යය විශේෂයක්. මෙයාලගේ හැසිරීමත් Pangio පවුලේ අනෙක් සාමාජිකයන්ගේ හැසිරීමට සමානකමක් පෙන්වනවා. නිතරම වාගේ චලනයන් දක්වන මෙයා ගස් , ගල් වගේම ටැංකිවල විසිතුරු බඩු අස්සේ ඔබ මොබ සැරිසරමින් තමා ඉන්න කැමති. මේ දාන්ගලේට හේතුව තමා මෙයා මේ කැරකි කැරකි හොයන්නේ ටැංකි පතුලේ ඉතිරි වෙලා තියෙන කෑම. සරලවම මෙයා කසල ශෝධක මාලුවෙක් කියල කියන්නත් පුළුවන්. ඒ හින්දාම ටැංකිය පිරිසිදුව තියාගන්න ගොඩක් උපකාරී වෙන මාලුවෙක් තමා මේ Kuhli ලෝච්. මෙයා ගොඩක්ම හඳුන්වන්නේ Kuhli ලෝච් හෝ Prickly Eye කියන නම් වලින් උනත් එක එක රටවල මෙයාලට විවිඩ නම් භාවිතා වෙනවා. උදාහරණයක් විදියට ඇමෙරිකා වේ මෙයාලට Coolie ලෝච්, Giant , Coolie ලෝච්, Leopard Loach, Cinnamon Loach වගේ නම් භාවිතා වෙනවා. ඒ වගේම මෙයාල මසුන් ඇති කරන්නන් අතරත් බොහොම ජනප්‍රියයි. වසරකට කුහ්ලි ලෝච් මසුන් මිලියන ගණනින් අපනයනය කෙරෙනවා. රාත්‍රියේ දී ගොඩක් ක්‍රියාකාරී වෙන හින්දා නිශාචරයෙක් කියලත් කියන්න පුළුවන්. තනියම ඉන්නවා නම් මේගොල්ලෝ ටිකක් ලැජ්ජාශීලි යි, නිතර දකින්නත්