මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම
මත්ස්‍ය වගා කර්මාන්තයේදී වැදගත් අංගයක් ලෙස මවු මසුන් අභිජනනය කරවා පැටවුන් ලබා ගැනීමත් එම පැටවුන් වඩා වර්ධනය කරවා වගාවට යෙදවීමත් පැටවුන් ලෙසින්ම දේශීය හෝ විදේශීය වෙළඳපොළට නිකුත් කිරීමත් සිදු කරනු ලබයි. ගුණාත්මක බැවින් පරිපුර්ණ මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරීම හා වෙළඳපොළට යැවීම ඉතා ලාභ ගෙනදෙන ව්‍යාපාරයක් වී ඇත. මත්ස්‍ය අභිජනනය සහ කීටයන් රැකබලා ගැනීම විසිතුරු මත්ස්‍ය වගා කර්මාන්තයේදී මෙන්ම ආහාරය පිණිස මසුන් වගා කිරීමේ දී ද එක සේ වැදගත් වේ. බොහෝ විට ආහාරය පිණිසම වගාකරන මසුන් ශ්‍රී ලංකාවට ආදේශිත මසුන් වන අතර එයින් සමහරක් මසුන් අපගේ දේශගුණික තත්ත්ව වල ස්වභාවිකව අභිජනනය නොවන බැවින් ප්‍රේරිත අභිජනනය වැනි විශේෂිත ක්‍රියාවලින් මගින් පැටවුන් නිපදවයි. මෙම ලිපිය මගින් අපගේ දේශගුණික තත්ත්ව වල පහසුවෙන් පැටවුන් නිපදවිය හැකි මසුන් කෘතීම තත්ත්ව යටතේ අභිජනනය කරවා ඉන් ලැබෙන ඉන් ලැබෙන පැටවුන් රැකබලා ගැනීම ට අවශ්‍ය වැදගත් පොදු කරුණු කිහිපයක් සාකච්චා කෙරේ. අභිජනනය සඳහා උසස් තත්වයේ මවු මසුන් තෝරා ගැනීම ඉතා හොඳ තත්වයේ මවු මසුන් තෝරා ගැනීමට සුදුසුම ක්‍රමය නම් කුඩා මසුන් ගෙන ඔවුන්ට හොඳින් පෝෂණය ලබා දීමයි.
wow
ReplyDelete