Electric Eel ( Electrophorus electricus ) ව්‍යාප්තිය සහ වාසස්ථාන හා හැසිරීම වර්ෂ 1766 දී Linnaeus විසින් හඳුනාගන්නා ලද විදුලි ආඳා දකුණු අමාරිකාවේ ඇමසෝන් සහ ඔරිනොකෝ ද්‍රෝණි වලින් සුලභව හමු වෙන මත්ස්‍යයෙක්. IUCN වර්ගීකරණය අනුව අඩු අවධානමක් සහිත (LC) කාණ්ඩයට යි මෙයාල අයත් වෙන්නේ. පුළුල් ව්‍යාප්තිය, බොහෝ වාසස්ථාන සඳහා පහසුවෙන් අනුවර්තනය වීමේ හැකියාව වගේම විශේෂිතව හඳුනාගත් තර්ජනයක් නොවීම මිට හේතු වෙලා තියෙන්නේ. අඩු ඔක්සිජන් මට්ටමකින් යුතු නිසල ජලයා ඇති මඩ සහිත ජලාශ, වගුරු, දිය පහරවල් තමා මෙයාලගේ වාසස්ථාන වෙන්නේ. ඔක්සිජන් මට්ටම කොච්චර අඩු උනත් මෙයාලට ගැටළුවක් නොවෙන්නේ වායුගෝලීය ඔක්සිජන් ලබා ගැනීමට තියෙන හැකියාව නිසයි. විනාඩි 10 කට පමණ වරක් ජාල මතුපිටට ඇවිත් මෙයාලගේ ඔක්සිජන් අවස්යතාවය සපුරාගන්නවා. ඒ වගේම තමා මේගොල්ල අඳුරු තැන් වලට බොහොම ප්‍රියයි. නිශාචර සත්වයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.අනිත් කාරණේ තමා මෙයාලගේ ඇස් පෙනීම හරිම දුර්වලයි.ඒත් මඩ වතුරේ , අන්ධකාරේ උනත් ඉතා නිවැරදිව මාර්ගය හොයාගෙන සැරිසරන්න මෙයාලට පුළුවන්.වෝල්ට් 10ක පමණ විදුලි ධාරාවක් තමා ඒ සඳහා උදව් වෙන්නේ.
Comments
Post a Comment