Posts

ගෙදර මඩුවෙක් ඇතිකරමු ද?

Image
Motoro Stingray / Potamotrygon motoro මඩු වලිගය ගැන මේ කාලේ නොදන්නා කෙනෙක් නැති තරම් නේ.. අද කියන්න යන්නේ මේ මඩුවෙක් ගැන තමා . මිරිදිය මඩුවන් , තේරෙන විදියට කිව්වොත් Freshwater Stingray ගැන අන්තර්ජාලයෙන් දැනගත්ත තොරතුරු තමා මේ .. හැඳින්වීම Motoro Stingray කියන්නේ Stingray පවුලේ ඉතා පහසුවෙන් හඳුනාගන්න පුළුවන් මත්ස්‍යයෙක්. ඒ වගේම පසුගිය වසර කිහිපය තුල මෙයාල මසුන් ඇතිකරන්නන් අතර බොහොම ජනප්‍රිය උන මත්ස්‍යය විශේෂයක් . ඒ නිසාම දැන් සුලභව දකින්න පුළුවන් වෙලා තියෙනවා. මෙයාල ගෘහස්තව  ඇතිකිරීම ටිකක් අභියෝගාත්මක වැඩක් උනත් නිවැරදි තත්ත්ව , පරිසරය හා අවශ්‍ය ඉඩ පහසුව ලබා දෙනවා නම් පහසුවෙන් සෞඛ්‍යසම්පන්න ස්ටින්ග් රේ මත්ස්‍යයකුගේ ආඩම්බරකාර අයිතිකාරයෙක් වෙන්න බැරි නෑ . Motoro stingray සතු විශේෂිත ශරීර ලක්ෂණ නිසාම අනෙකුත් stingray විශේෂ අතුරින් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් . Laticeps Stingray, Ocellate Stingray, Spotted River stingray, Royal Motoro Stingray වැනි විවිධ නම් වලිනුත් මෙයාල ව හඳුන්වනවා. මසුන් ඇතිකිරීම ගැන දැනුම , අත්දැකීම් ඇති අය සඳහා නිර්දේශ කරන Motoro stingray මිල දී...

ටැංකිය පිරිසිදු කරන අලංකාර Kuhli Loach

Image
හැඳින්වීම  කුහ්ලි ලෝච් එහෙමත් නැත්නම් Pangio kuhlii කියන්නේ ක්‍රියාශීලි ලස්සන සුටි මත්ස්‍යය විශේෂයක්. මෙයාලගේ හැසිරීමත් Pangio පවුලේ අනෙක් සාමාජිකයන්ගේ හැසිරීමට සමානකමක් පෙන්වනවා. නිතරම වාගේ චලනයන් දක්වන මෙයා ගස් , ගල් වගේම ටැංකිවල විසිතුරු බඩු අස්සේ ඔබ මොබ සැරිසරමින් තමා ඉන්න කැමති. මේ දාන්ගලේට හේතුව තමා මෙයා මේ කැරකි කැරකි හොයන්නේ ටැංකි පතුලේ ඉතිරි වෙලා තියෙන කෑම. සරලවම මෙයා කසල ශෝධක මාලුවෙක් කියල කියන්නත් පුළුවන්. ඒ හින්දාම ටැංකිය පිරිසිදුව තියාගන්න ගොඩක් උපකාරී වෙන මාලුවෙක් තමා මේ Kuhli ලෝච්. මෙයා ගොඩක්ම හඳුන්වන්නේ Kuhli ලෝච් හෝ Prickly Eye කියන නම් වලින් උනත් එක එක රටවල මෙයාලට විවිඩ නම් භාවිතා වෙනවා. උදාහරණයක් විදියට ඇමෙරිකා වේ මෙයාලට Coolie ලෝච්, Giant , Coolie ලෝච්, Leopard Loach, Cinnamon Loach වගේ නම් භාවිතා වෙනවා. ඒ වගේම මෙයාල මසුන් ඇති කරන්නන් අතරත් බොහොම ජනප්‍රියයි. වසරකට කුහ්ලි ලෝච් මසුන් මිලියන ගණනින් අපනයනය කෙරෙනවා. රාත්‍රියේ දී ගොඩක් ක්‍රියාකාරී වෙන හින්දා නිශාචරයෙක් කියලත් කියන්න පුළුවන්. තනියම ඉන්නවා නම් මේගොල්ලෝ ටිකක් ලැජ්ජාශීලි යි, නිතර දකින්...

දුප්පතා ගේ ඩිස්කස් නොහොත් ගෝල්ඩන් සෙවරම් (Golden Severum)

Image
හැඳින්වීම සාමාන්‍ය සෙවරම් සික්ලිඩ් මසුන්ගෙන් අලුත් විශේෂයක් ලෙස වෙන්කරගත් විශේෂ අතුරින් එකක් වන ගෝල්ඩන් සෙවරම් පළපුරුදු මසුන් ඇතිකරන්නන් මෙන්ම ආධුනික මසුන් ඇති කරන්නන් අතර ද එක සේ ජනප්‍රිය මත්ස්‍යයෙක්. මොවුන්ගේ හැඩයෙන් හා ඕවලාකාර සැකිල්ලෙන් සික්ලිඩ් පවුලේම ඩිස්කස් මසුන්ට සමානතාවක් පෙන්වනවා. මෙයාල ඩිස්කස් මසුන්ගෙන් වෙනස් වන ප්‍රධානම ලක්ෂණ ලෙස ශරීර ප්‍රමාණය සහ වර්ණ හඳුන්වන්න පුළුවන්. ගෝල්ඩන් සෙවරම් මත්ස්‍යයෙක් උපරිම අඟල් 7 ක පමණ වර්ධනයක් පෙන්වන අතර ඩිස්කස මසෙකු ගේ උපරිම වර්ධනය අඟල් 12ක් පමණ වේ. Banded Cichlid/ Heros severus  ස්වභාවිකව නම් සෙවරම් සික්ලිඩ්  මත්ස්‍යා කොළ පැහැයට හුරු වර්ණයක් ගන්නා අතර බඳ පෙදෙසේ යාන්තමට කහ/ රන්වන් පැහැයක් දක්නට පුළුවන්. කුඩා පැටවුන්ගේ සිරුරේ කළු පැහැති සිරස් තීරු අටක් දක්නට ඇතත් වර්ධනයත් සමගම ඒවා නැති වී යයි. මේ ඉරි ටික නිසා ම සෙවරම් සික්ලිඩ් මසුන්ට  Banded Cichlid, Convict Fish, Deacon, Sedate Cichlid, Hero, Striped Cichlid යන නම් රැසක්ම භාවිත වෙනවා. ගෝල්ඩන් සෙවරම් එහෙමත් නැත්නම් ගෝල්ඩ් සෙවරම් කියන්නේ ඉහත කී සාමාන්‍...