Posts

ටැංකිය හැඩකරන හාර්ලික්වීන් රැස්බොරා

Image
Harlequin Rasbora ( Trigonostigma heteromorpha ) හැමෝම හඳුනන කාර්ප් , මිනෝව්ස් , බාර්බ් වර්ග අයත් වන, විශාලතම හා විවිධත්වයෙන් වැඩිම මත්ස්‍ය කුලය වන  සිප්‍රිනිඩේ ( Cyprinidae) කුලයට අයත් වන හාර්ලික්වින් රැස්බොරා ඉතා අලංකාර කුඩා මත්ස්‍යයෙකි. රංචු වශයෙන් ජීවත් වන අලංකාර සාමකාමී මත්ස්‍යය විශේෂයක් නිසා ම මසුන් ඇතිකරන්නන් අතර ජනප්‍රිය මොවුන් වර්ෂ 1904 දී නම්කර ඇත්තේ Duncker විසිනි. වර්ෂ 1936 පමණ සිට මෙම මසුන් විසිතුරු මසුන් ව්‍යාපාර සඳහා භාවිතා වී ඇති අතර වර්තමානය වන විට විසිතුරු මත්ස්‍යය කර්මාන්තය සඳහාම නව අලංකාර විශේෂ කිහිපයක් ද හඳුන්වා දී ඇත. Trigonostigma ගණයට අයත් අනෙක් විශේෂ වලට වඩා වෙනස් හැඩයක් ගැනීම පදනම් කරගෙන නාමකරණයේ දී ග්‍රීක බසින් වෙනස් හැඩැති යන අරුත ගෙන දෙන heteromorpha යන වදන යොදාගෙන ඇති අතර සාමාන්‍ය ව්‍යවහාරයේ දී හාර්ලික්වීන් ලෙස නම් කර ඇත්තේ සිරුරේ ඇති කළුපැහැති වර්ණ සලකුණ පදනම් කරගෙන ය. එනම් එම සලකුණ ඉතාලියානු නාට්‍ය සම්ප්‍රදායක් වන Commedia dell’arte හි එන හාර්ලික්වීන් නම් චරිතයේ ඇඳුමේ ඇති වර්ණරටාව ට සමානකමක් දක්වයි. Harlequin Rasbora යන නම හැරුණු විට R...

චන්නා පවුලේ චුටි හැඩකාරයා රේන්බෝ ස්නේක්හෙඩ්

Image
Channa bleheri සාමාන්‍ය ව්‍යවහාරයේ දී රේන්බෝ ස්නේක්හෙඩ් ( Rainbow Snakehead) , ස්මූත් බ්‍රෙස්ටඩ් ස්නේක්හෙඩ් (Smooth – Breasted Snakehead) සහ වෝකින් ස්නේක්හෙඩ් (Walking Snakehead) යන නම් වලින් හඳුන්වන   මොවුන් තුල තරමක් අසාමාන්‍ය ලක්ෂණ දැකිය හැකිය. ඇසෑම් ප්‍රදේශයේ දී ස්වදේශිකයන් සෙන්ගෙලි/ චෙන්ගෙලි යන නම් මොවුන් හැඳින්වීමට භාවිතා කරයි.   ඉතාමත් වර්ණවත් මොවුන් කුරු වර්ගයේ ( Dwarf ) ස්නේක්හෙඩ් මසුන් වන අතර ම ශ්‍රෝණි වරල ඌන වී ගිය මත්ස්‍යය චන්නා විශේෂ අතරින් එක් විශේෂයකි. ඒ වගේම මෙම රේන්බෝ ස්නේක්හෙඩ් විශේෂය උතුරු මියෙන්මාරයට ආවේණික Channa burumanica ට ඉතා කිට්ටු සමානකම් දක්වන බව සඳහන්. සෙන්ටි මීටර 14-17 ක පමණ උපරිම වර්ධනයක් පෙන්වන රේන්බෝ ස්නේක්හෙඩ් , චන්නා පවුලේ කුඩා ම සාමාජිකයන් අතරෙහි ලා සැලකේ. ඒ වගේම ලංකාවට ආනයනය කල මුල්ම චන්නා විශේෂයන්ගෙන් එකක් වෙන්නේ ත් මේ Channa blehri .   වර්ෂ 1991 දී Virke විසින් මොවුන් නාමකරණය කර ඇති අතර ජර්මන් ජාතික මත්ස්‍යය විද්‍යාව සහ උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂකයකු, චායාරුප ශිල්පියෙකු , ගත් කතුවරයෙකු වගේම චිත්‍රපට න...