Posts

Showing posts from May, 2017

කපු හැන්දා හෙවත් Mono Fish ( Monodactylus argenteus)

Image
ගොඩක් අය මේගොල්ලෝ ගන්න අහන නිසා මේ විස්තරේ ලියන්න හිතුන.සමහරු මේ මසුන් මිරිදියේ හදන්න පුළුවන් අවුරුද්දක් හිටිය දෙකක් හිටිය කිව්වට ඒක අසාර්ථකයි කියල මේක කියෙව්වම දැනගන්න ලැබෙයි. මොකද අවු 7-10 ආයු කාලයක් හිමි මාලුවෙක් අවුරුද්දෙන් දෙකෙන් මැරෙන්නේ එයාට ඕනේ වතුර තත්වය නොලබුනාම . හරිම ලස්සන රිදී පැහැති මෙම මත්ස්යයන් කිවුල්දිය/කරදිය මසුන් ඇතිකරන්නන් අතර ඉතා ජනප්‍රියයි. දීප්තිමත් වර්ණ, ශරීර හැඩය වගේම ගොඩක් ලොකුවට වැඩෙන්නේ නැති මත්ස්‍යයෙක් වීම නිසා බොහෝදෙනෙක් මෙයාලට කැමතියි. වර්ෂ 1758 දී Linnaeus විසින් හඳුනාගන්නා ලද මේ මත්ස්‍යා ගේ ව්‍යාප්තිය පුළුල් පරාසයක විහිදෙනවා. රතු මුහුද, ඕස්ට්‍රේලියානු මුහුදු කලාපය ,නැගෙනහිර අප්‍රිකානු සහ නිරිතදිග ආසියානු මුහුදු කලාප මොවුන්ගේ නිජබිම් ලෙස සැලකෙනවා. Silver Moony, Silver Moonfish, Moonfish, Silver Batfish, Diamond Moonfish, Diamond fish, Finger fish, Kite fish , Singapore Angelfish, Moony , Moonyfish, Malayan angel වැනි විවිධාකාරයෙන් හඳුන්වන මෙයාලටම තමා ලංකාවේ අපි කපුහැන්දෝ කියල කියන්නෙත්. ගන්මෝය අසල, නොගැඹුරු වෙරළේ ගල්පර ආශ්‍රිතව හෝ වඩදිය

මුහුදු මාළු හදමු ද?

Image
මුහුදු මසුන් ඇතිකිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්.. Filtration , pH , light , salinity ගැන සැලකිලිමත් වෙන්න ඕන. මුහුදට ළඟයි නම්මුහුදු වතුර පාවිච්චි කරන්න පුලුවන් එහෙම නැත්තන් red sea salt වගේ එකක් ක්ලෝරින් නැති වතුරට දාලා හදාගන්න පුලුවන්. මාසෙකට සැරයක් 50% වගේ water changes කරන්න පුලුවන් නම් හොඳයි. ටැන්කිය සෙටප් කරලා අඩුම සති දෙකක්වත් මාලු නොදා circulate වෙන්න දෙන්න. ටැන්කිය ප්‍රමාණය ලොකුයි නම් protien skimmer එකක් දාන්න වෙනවා. මාලු එකතු කරනකොට මුලින්ම pomacentridae කුලයේ මාලු , ඒ කියන්නෙ clown fish, damsel fish දාන්න. මේ මාලු hardy, ඒ කියන්නෙ හොඳට ඔරොත්තු දෙනවා, ඒ වගේම මිල අඩුයි, clarki clown fish , similar damsel, green damsel, black chromis වගේ මාලු රු.100-200 අතර ගන්න පුලුවන් එකෙක්. ඊට මාස දෙක තුනක් වගේ පස්සෙ වෙන hardy මාලු එකතු කරන්න , හැබැයි compatibility අනුව, ඒක ලේසියෙන්ම බලන්න පුලුවන් google එකෙන් අදාල මාලුවගෙ නම & compatibility කියල search කලාම ( උදා: moon wrasse නම් , moon wrasse compatibility ) ©bhasuruprabhashwaradissanayake

ටින්ෆොයිල් බාබ් මසුන් ( Barbus schwanefeldi)

Image
අග්නිදිග ආසියාව නිජබිම කරගත්ත Cyprinid පවුලට අයත් අපුරු මත්ස්‍යයෙක්. වර්ෂ 1853 දී Peter Bleeker විසින් මෙයාලව හඳුනාගෙන නම් කල බවයි සඳහන් වෙන්නේ. තායිලන්තයේ සුප්‍රසිද්ද Mekong සහ Phraya ගංගා වලත් Sumatra, Borneo සහ Malayan Peninsula ප්‍රදේශවල ස්වභාවික පරිසරයේදී මෙයාල හමුවෙනවා. රිදී පැහැති සිරුරක් හිමි මෙයාලගේ වරල් රතු පාටයි. පෘෂ්ටිය වරලේ අගිස්සේ කළු පැහැ පැල්ලමක් වගේ තියෙනවා වටේට. මේ වරල කරුවක් වගේ බෙදිලා තියෙන්නේ. ඒ ලක්ෂණය මෙයාලගේ වේගවත් පිහිනීමට පිටිවහලක් වෙනවා ලු. බාබ් පවුලේ අනෙකුත් සාමාජිකයෝ එක්ක බැලුවම මෙයා හොඳ ශක්තිමත් මාලුවෙක්. තේරෙන භාසාවෙන් කිව්වොත් පණ හයිය මාලුවෙක්. ඒ වගේම කීකරු (කලහකාරී නොවන ) මත්ස්‍යයෙක් . මෙයාගේ මේ සාමකාමී හැසිරීමත් දීප්තිමත් සිරුරත් නිසා කමියුනිටි tank එකකට අපුරුවට ගැලපෙන ව. හැබැයි කුඩා මසුන්ව ආහාරයට ගන්න නිසා මසුන් තෝරා ගැනීමේ දී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. රංචුවක් විදියට ඉන්න මාලුවෙක් නිසා අඩුම වශයෙන් මසුන් 6 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් එකට හදන්න පුළුවන් නම් හොඳයි වගේම ලස්සනයි. ඉතා වේගයෙන් පිහිනන ක්‍රියාකාරී මාලුවෙක් නිසා ටැංකියෙන් එලියට පනින්න පුළුවන්

අප්‍රිකානු සික්ලිඩ් මසුන් ගැන දැනගනිමු

Image
ඉතා වර්ණවත් මසුන් බොහොමයක්ම අයිති වෙන්නේ අප්‍රිකානු සික්ලිඩ් පවුලට . ඉතා විශාල විශේෂයන් ප්‍රමාණයක් ඉන්නා නිසා ශරීර හැඩ වගේම හැසිරීම් රටා ත් පුළුල් පරාසයක් ගන්නවා. මෙයාලගේ අපුරු හැසිරීම් රටා නිසාම ගොඩක් දෙනෙක් සික්ලිඩ් මසුන් ඇතිකිරීමට කැමතියි.හොඳින් ක්‍රියාකාරී මත්ස්‍ය කාණ්ඩයක් වෙන මෙයාලගෙන් සමහරෙක් තමන්ගේ ස්වාමියා හඳුනා ගන්න, කෑම ඉල්ලන්න වගේ දේ වලට හුරු වෙනවා.අපුරු වර්ණ රටා නිසාම සික්ලිඩ් ලවර්ස් ල ගොඩක්ම කැමති මෙයාල වර්ග කීපයක් එකට හදන්න .peacock cichlids වැනි විශේෂ වර්ණවත් බව නිසා විශේෂත්වයක් ගන්නා අතර Goby cichlids, Shell dwellers, Feather fins , Tropheus genus වැනි විශේෂ එයාලගේ වාසස්ථාන හා හැසිරීම් රටා නිසා විශේෂත්වයක් උසුලනවා. බොහොමයක් අප්‍රිකානු සික්ලිඩ් මසුන් ප්‍රමාණයෙන් ගෘහස්ත මාළු ටැංකි වලට ගැලපෙනවා උනත් විශාලව වැඩෙන ප්‍රදර්ශන මින් මැදුරු සඳහා ගැලපෙන මසුනුත් නැතුවා නෙමෙයි. සුළු ප්‍රමාණයක් ඉන්නවා.අඟල් 36ක් පමණ දක්වා වැඩෙන Boulengerochromis microlepis විශාලතමයා ලෙස සැලකෙන අතර Nanochromis transvestitusus කුඩාතමයා ලෙස සැලකේ. ඇමෙරිකා , අප්‍රිකා සහ ආසියාවේ සමහර ප්‍ර