ටින්ෆොයිල් බාබ් මසුන් ( Barbus schwanefeldi)




අග්නිදිග ආසියාව නිජබිම කරගත්ත Cyprinid පවුලට අයත් අපුරු මත්ස්‍යයෙක්. වර්ෂ 1853 දී Peter Bleeker විසින් මෙයාලව හඳුනාගෙන නම් කල බවයි සඳහන් වෙන්නේ. තායිලන්තයේ සුප්‍රසිද්ද Mekong සහ Phraya ගංගා වලත් Sumatra, Borneo සහ Malayan Peninsula ප්‍රදේශවල ස්වභාවික පරිසරයේදී මෙයාල හමුවෙනවා.




රිදී පැහැති සිරුරක් හිමි මෙයාලගේ වරල් රතු පාටයි. පෘෂ්ටිය වරලේ අගිස්සේ කළු පැහැ පැල්ලමක් වගේ තියෙනවා වටේට. මේ වරල කරුවක් වගේ බෙදිලා තියෙන්නේ. ඒ ලක්ෂණය මෙයාලගේ වේගවත් පිහිනීමට පිටිවහලක් වෙනවා ලු. බාබ් පවුලේ අනෙකුත් සාමාජිකයෝ එක්ක බැලුවම මෙයා හොඳ ශක්තිමත් මාලුවෙක්. තේරෙන භාසාවෙන් කිව්වොත් පණ හයිය මාලුවෙක්. ඒ වගේම කීකරු (කලහකාරී නොවන ) මත්ස්‍යයෙක් . මෙයාගේ මේ සාමකාමී හැසිරීමත් දීප්තිමත් සිරුරත් නිසා කමියුනිටි tank එකකට අපුරුවට ගැලපෙන ව. හැබැයි කුඩා මසුන්ව ආහාරයට ගන්න නිසා මසුන් තෝරා ගැනීමේ දී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. රංචුවක් විදියට ඉන්න මාලුවෙක් නිසා අඩුම වශයෙන් මසුන් 6 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් එකට හදන්න පුළුවන් නම් හොඳයි වගේම ලස්සනයි. ඉතා වේගයෙන් පිහිනන ක්‍රියාකාරී මාලුවෙක් නිසා ටැංකියෙන් එලියට පනින්න පුළුවන් .ඒ නිසා වහලක් සහිත ටැංකියක් වෙන්න ඕනේ.




මේ වේගවත් පිහිනීම නිසා ම මෙයාලව භාවිතා කරනවා ලු සික්ලිඩ් මසුන් ගේ කලහකාරී ගතිය අඩු කරගන්න. සික්ලිඩලා එකිනෙකා කොටාගන්න එක නවත්තල මෙයාලගේ පස්සේ පන්නනවා ලු වේගයෙන් පිහිනන නිසා . ඒත් ටින්ෆොයිල් ට නම ඒක කරදරකාරී අප්‍රසන්න තත්වයක් .


උපරිම අඟල් 14ක් විතර ලොකු වෙන නිසා අවම වශයෙන් ගැලුම් 70ක වත් ටැංකියක් තමා සුදුසු. ටෑන්ක් සෙටප් එක හදනකොට හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් සහ ජලය නිතර කැළඹෙන සුළු වීම වැදගත්. මොකද මෙයාල ස්වභාවිකවම හොඳින් ගලා යන ජලයේ ඉන්න මසුන්. ජලජ ශාක හදනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා , සර්ව භක්ෂක මෙයාලා ගස්ටික කාලා දාන්න වගේම විසේකාරයෝ නිසා ශාක විනාස වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ජලයේ ph අගය 6.0 -7.5 අතර ත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 23-27 අතර ත් පවත්වා ගැනීම සුදුසුයි. Flakes, Pellets,Tubiflex, කුඩා මාළු, එළවලු වගේ දේවල් කෑමට දෙන්න පුළුවන්. බිත්තර මගින් වර්ගයා බෝ කරන මොවුන් වසර 8ක පමණ උපරිම ආයු කාලයක් ගත කරනවා ලු.


මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් අපුරු ටින්ෆොයිල් ටැංකියක්..

https://www.youtube.com/watch?v=76JP3zM5Bb0




මේ විස්තර අන්තර්ජාලය ඇසුරෙන්. මෙයාල හදන යාලුවන්ට පුළුවන් මෙයාල ගැන ඔයාලගේ අත්දැකීම් අපි එක්ක බෙදාගන්න.




©janakiecjoseph

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2