අප්‍රිකානු සික්ලිඩ් මසුන් ගැන දැනගනිමු




ඉතා වර්ණවත් මසුන් බොහොමයක්ම අයිති වෙන්නේ අප්‍රිකානු සික්ලිඩ් පවුලට . ඉතා විශාල විශේෂයන් ප්‍රමාණයක් ඉන්නා නිසා ශරීර හැඩ වගේම හැසිරීම් රටා ත් පුළුල් පරාසයක් ගන්නවා.

මෙයාලගේ අපුරු හැසිරීම් රටා නිසාම ගොඩක් දෙනෙක් සික්ලිඩ් මසුන් ඇතිකිරීමට කැමතියි.හොඳින් ක්‍රියාකාරී මත්ස්‍ය කාණ්ඩයක් වෙන මෙයාලගෙන් සමහරෙක් තමන්ගේ ස්වාමියා හඳුනා ගන්න, කෑම ඉල්ලන්න වගේ දේ වලට හුරු වෙනවා.අපුරු වර්ණ රටා නිසාම සික්ලිඩ් ලවර්ස් ල ගොඩක්ම කැමති මෙයාල වර්ග කීපයක් එකට හදන්න .peacock cichlids වැනි විශේෂ වර්ණවත් බව නිසා විශේෂත්වයක් ගන්නා අතර Goby cichlids, Shell dwellers, Feather fins , Tropheus genus වැනි විශේෂ එයාලගේ වාසස්ථාන හා හැසිරීම් රටා නිසා විශේෂත්වයක් උසුලනවා.


බොහොමයක් අප්‍රිකානු සික්ලිඩ් මසුන් ප්‍රමාණයෙන් ගෘහස්ත මාළු ටැංකි වලට ගැලපෙනවා උනත් විශාලව වැඩෙන ප්‍රදර්ශන මින් මැදුරු සඳහා ගැලපෙන මසුනුත් නැතුවා නෙමෙයි. සුළු ප්‍රමාණයක් ඉන්නවා.අඟල් 36ක් පමණ දක්වා වැඩෙන Boulengerochromis microlepis විශාලතමයා ලෙස සැලකෙන අතර Nanochromis transvestitusus කුඩාතමයා ලෙස සැලකේ.


ඇමෙරිකා , අප්‍රිකා සහ ආසියාවේ සමහර ප්‍රදේශ වලින් සික්ලිඩ් මසුන් හමුවෙනවා. ඇත්තටම කොච්චර වර්ග ගණනාවක් ඉන්නවා ද කියල නොදන්නා නමුත් ආසන්න වශයෙන් විශේෂ 2000 ක් පමණ ඇති බවට සැලකෙනවා. එයින් විශේෂ 1300 ක් පමණ විද්‍යාත්මකව නාමකරණය කරලා තියෙනවා.වර්ගීකරණයේදී මෙයාලා ද්විතියික මිරිදිය මසුන් කියල යි හඳුන්වන්නේ. මෙයාලගේ මුතුන් මිත්තෝ කරදිය වාසින් වීම තමා ඒකට හේතුව.සික්ලිඩ් මසුන් කරදියේ සිට මිරිදියට සංක්‍රමණය වුවන් ලෙසයි සැලකෙන්නේ . දැනටත් ඔවුන්ගේ ඇතැම් ගති ලක්ෂණ Damsels, Wrasses , Parrot fish , Surfperches වැනි කරදිය මසුන් ගේ ගතිලක්ෂණ වලට සමාන වෙනවා. සමහර සික්ලිඩ් වර්ග කරදියේ වෙසීම හා සමහරුන් කරදිය දක්වා පැතිරීමට මේ කාරණය හේතු වෙලා තියෙනවා.

බොහොමයක් සික්ලිඩ් විශේෂ නැගෙනහිර අප්‍රිකාවේ විල් පාදක කරගෙනයි ලෝකෙට එන්නේ. මෙම ජලාශ වසර මිලියන ගණනාවකට පෙර විශාල නිම්න වල ජලය පිරීමෙන් සෑදී ඇති අතර එම ජලාශ කිසිදු අයුරකින් එකිනෙකට සම්බන්ධ වෙන්නේ නෑ . මේවා අප්‍රිකානු පැලුම් ජලාශ (African Rift Lakes) ලෙස ලෝක ප්‍රසිද්ධ වී තියෙනවා. 1980 මුල් භාගයේ සිට මේ දක්වා ම මෙම ජලාශ වල සිටින සික්ලිඩ් මසුන් ලොවපුරා ඉතාම ජනප්‍රියයි.

මෙම අප්‍රිකානු සික්ලිඩ් මසුන්ගෙන් බොහොමයක්ම ඒක දේශික විශේෂ වන අතර සංක්‍යාත්මකව විශේෂ 1300ක් පමණ ඇතැයි අනුමාන කෙරෙනවා. එයින් විශේෂ 800 කට වඩා මලාවි විලේ ඉන්නා බවට විශ්වාස කරනවා. ඉන් විශේෂ 300ක් පමණ දැනටමත් නාමකරණය කරලා තියෙනවා. ටැංගනිකා විලේ විශේෂ 250ක් පමණ ඇති බවටයි අනුමානය.

ප්‍රධාන වශයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මලාවි සහ ටැංගනිකා විල් මෙයාල ගේ වාස භුමි උනත් වික්ටෝරියා විලේ ත් සික්ලිඩ් මසුන් දක්නට ලැබෙනවා. වික්ටෝරියා කියන්නෙත් විශාල ජලාශයක් නමුත් එය African Rift Lakes වලට අයත් වන්නේ නෑ. මිට අමතරව Edward, Kivu, Albert , Rudolf කියන ජලාශ වලත් කුඩා විල් හා පොකුණු වලත්සික්ලිඩ් මසුන් දකින්න පුළුවන්.




( තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි)
©janakiecjoseph

ඊළඟ කොටසින් නැවත හමුවෙමු

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2