Posts

Showing posts from November, 2017

අපුරු ගෝල්ඩන් කෝබ්‍රා මසුන් ගැන දැන ගනිමු.

Image
Golden Cobra  ( Channa aurantimaculata ) හැඳින්වීම ලතින් භාෂාවෙන් දොඩම් හඳුන්වන auramtium කියන වචනය හා ලප සහිත යන තේරුම ඇති maculatus යන වචනයේ එකතුවෙන් aurantimaculata කියන නම ලැබිල තියෙන්නේ මෙයාලගේ වර්ණ රටාව හේතුවෙන්. වර්ෂ 2000 දී Musikasithorn විසින් හඳුනා ගන්නා ලද බව යි සඳහන් වෙන්නේ. උතුරු ඉන්දියාවේ ඇසෑම් සහ අරුනාචල් ප්‍රදේශ වල බ්‍රහ්මපුත්‍ර ගංගා ද්‍රෝණිය තමා මෙයාලගේ නිජබිම වෙන්නේ. ඒ වගේම මෙයාල ආවේනික විශේෂයක්. වැඩි වර්ශාපතනයක්, ඉහල ආර්ද්‍රතාවයක් වගේම තද උණුසුමත් පවතින ඝර්ම කලාපීය මෝසම් වැසි වනාන්තර පරිසර තත්වයක තමා මෙයාල ස්වභාවිකව හමුවෙන්නේ. ගෝල්ඩන් කෝබ්‍රා කියන්නේ ස්නේක් හෙඩ් පවුලේ මත්ස්‍යයෙක්. Orangespot Snakehead කියල හඳුන්වන්නේත් මෙයාම තමා. වර්තමානය වනවිට විසිතුරු මසුන් ඇතිකරන්නන් අතර බොහොම ජනප්‍රිය මත්ස්‍යයෙක් .මෙයාලගේ වඩා විශාල නොවන මධ්‍යම ප්‍රමාණයේ ශරීරය , දීප්තිමත් වර්ණ රටා මේ ජනප්‍රියත්වයට හේතු වෙලා තියෙනවා. සිරුරේ උඩ පැත්ත කළු පැහැයට හුරු තද දුඹුරු වර්ණයක් ගන්නා අතර එහි අක්‍රමවත් ව විහිදුනු පැල්ලම්/ලප 7-8ක් දකින්න පුළුවන්. ළය වරලේ දිගින්

අපුරු වර්ණ රටා මවන චෝරයි කන්නී ..

Image
Karnataka Barb ( Sahyadria denisonii ) අසල්වැසි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් අපුරු Denison බාර්බ් විශේෂයක් තමා කර්ණාටක බාර්බ් කියල හඳුන්වන්නේ. වර්ෂ 1865 දී F.Day විසින් හඳුනාගන්නා ලද   Cyprinidae කුලයට අයත් මොවුන් මුලින්ම හමු වී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ කේරලා ප්‍රදේශයේ මුණ්ඩක්කායම් වල මනිමාලා ගංගාවෙන්. ඉන්දියාවේ බටහිර තීරයේ පිහිටි කඳුවැටියක් වන Sahyadri කඳුවැටියේ නමින් Sahyadria කියන කොටසත් වර්ෂ 1861-1866 දක්වා ඉන්දියාවේ ආණ්ඩුකාරවරයෙක් ලෙස කටයුතු කර ශ්‍රීමත් විලියම් තෝමස් ඩෙනිසන් ගේ නමෙන් denisonii කියන කොටසත් එකතු කරලා තමා මෙයාල Sahyadria denisonii කියල නම්කරලා තියෙන්නේ. කර්ණාටක බාර්බ් කියන නමට අමතරව Red Line Torpedo Barb, Denison Barb, Rose Line Shark , bleeding-eye barb සහ  දේශීයව Miss Kerala සහ Chorai Kanni කියන නම් වලින් හඳුන්වනවා. විසිතුරු මසුන් කර්මාන්තයේ දී ඇතැම්විට මොවුන්ට සමාන පෙනුමක් ඇති Sahyadria Chalakkudiensis මසුන් S. denisonii ලෙස ලබාදුන්නත් ඔවුන් ඩෙනිසෝනි මසුන්ට වඩා කලහකාරී මත්ස්‍ය විශේෂයක්. කර්ණාටක බාර්බ් කියන්නේ දකුණු ඉන්දියාවේ කේරලා සහ ක

අපූරු ෆයර්වුඩ් කැට්ෆිෂ් මසුන් ගැන දැනගනිමු.

Image
Firewood Catfish (Sorubimichthys planiceps) ෆයර්වුඩ් කැට් ෆිෂ් කියන්නේ දකුණු ඇමෙරිකානු කලාපය නිජබිම කරගත්ත Pimelodidae (දිගු රැවුල් සහිත කැට් ෆිෂ්මසුන් ) ගණයට අයත්  මත්ස්‍යයෙක්. වර්ෂ 1829 දී Spix සහ Agassiz විසින් හඳුනාගන්නා ලද බවයි සඳහන් වෙන්නේ. ස්වදේශිකයන්ගේ බසින් ෆයර්වුඩ් කැට්ෆිෂ් ඇතුළු Pimelodids පවුලේ මසුන් වර්ග කිහිපයක් සඳහාම භාවිතා වන Sorbim යන වදනට මාළු යන තේරුම ඇති ග්‍රීක වචනයක් වන ichthys එකතු වී Sorubimichthys යන නම සෑදී තිබෙනවා. පැතලි හිස යන අරුතින් planiceps කියන කොටස එකතු වෙලා Sorubimichthys Planiceps කියන නම ලැබිල තියෙනවා.ඇමසෝන් සහ ඔරිනොකෝ ගංගා ද්‍රෝණි ආශ්‍රිතව මොවුන් හමුවෙනවා. මෙයාලට ෆයර්වුඩ් (දර) කැට් ෆිෂ් කියන නම ලැබෙන්නත් හේතුවක් තියෙනව. ආහාරමය වටිනාකම අවම මේ මසුන් වැඩියෙන්ම භාවිතා කරලා තියෙන්නේ දර සඳහා වීම එයට හේතුවෙලා තියෙනවා. හොඳින් වේලා ගත් මසුන් තමා මේ විදියට දර වෙනුවට භාවිත කරල තියෙන්නේ. විවිධ භාෂා වලින්  මෙයාල ට විවිධ නම් භාවිතා වෙනවා.       Acha cubo                           Peruvian       Cabo de hacha                  Colombian       Donc

අලි නහයක් තියෙන පිහි මාළුවා

Image
Elephantnose Knifefish (Sternarchorhynchus oxyrhynchus) එලිෆන්ට් නෝස් නයිෆ් ෆිෂ්, Sternarchorhynchus ගණයේ දැනට හඳුනාගෙන ඇති නයිෆ් ෆිෂ් විශේෂ 32 අතුරින් එකක් වන මේගොල්ලෝ දකින්න ලැබෙන්නේ නිවර්තන දේශගුණය සහිත දකුණු ඇමෙරිකානු ප්‍රදේශයේ සෙමින් ගලායන ජලය සහිත ගංගා, ඇළ දොළ සහ අතු ගංගාවන් වල යි. වෙනිසියුලාව, Guaianes සහ බ්‍රසීලයේ ඇමේසන් ගංගාව ආශ්‍රිතව මෙයාල ජීවත් වෙනවා. මෙයාලගේ පෙනීම නම් ටිකක් දුර්වලයි. අනෙක් නයිෆ් ෆිෂ් විශේෂ වලට සාපේක්ෂව සාමකාමී මාලුවෙක්. රාත්‍රියේ ක්‍රියාකාරී වන නිශාචරයෙක්. ශාක වලින් ගහන ගංගාවල අඳුරු මඩ සහිත පතුල තමා වාසස්ථාන වෙන්නේ.පනුවන්, කුඩා ක්‍රස්ටේසියාවන්, සහ ගංගා පතුලේ මුල් අතර ඉන්නා කුඩා සත්ව වර්ග තමා ආහාර විදියට ගන්නේ. වෙනත් විශේෂ සමග කලහකාරී නොවුනත් තම විශේෂයේ ම අයත් එක්ක නම් ටිකක් රණ්ඩු වෙනවා. මිනිස්සු වගේම තමා ඉතින් දේශ සීමා අර්බුද. සිහින් දිගටි ශරීරය කළු පැහැයට ඉතා ආසන්න අළු වර්ණයක් ගන්නවා. සිරුරේ යටි පැත්තේ ඉදිරිපස සිට පසුපස දක්වා ම සිරුරේ සම්පුර්ණ දිගටම සරිලන ලෙස  ගුද වරල පිහිටා තියෙනවා. කරමල් වලට පිටුපසින් ශ්‍රෝණි වරල් පිහිටනවා. තවද මොවුන

දේදුනු වර්ණ පිරි අලංකාර කොංගෝ ටෙට්රා මසුන්.

Image
Congo Tetra  (Phenacogrammus interruptusis) ටෙට්රා පවුලේ ඉන්න ඉතා අලංකාර පුංචි මත්ස්‍යය වර්ගයක් විදියට Congo Tetra හඳුන්වන්න පුළුවන්. මේගොල්ලෝ ඇක්වෙරියම් වල හිටියත් බොහෝවිට  පැහැදිලිව දකින්න අමාරුයි. තරුණ වියට පැමිණි මසුන්ගේ උනත් නියම වර්ණ ලැබිල නැති වීම තමා ඒකට හේතුව. මෙයාලගේ නියම වර්ණ දකින්න පුළුවන් වෙන්නේ වර්ධනය සම්පුර්ණ වූ  වැඩිහිටි මසුන්ගේ තමා. කොහොම උනත් වැඩිහිටි මසුන් ගැන සලකුවම අප්‍රිකානු Characins සාමාජිකයන් අතර අලංකාරම මත්ස්‍යා විදියට හඳුන්වා දෙන්නත් පුළුවන්.  ඉතා දීප්තිමත් දේදුනු වර්ණ වලින් මේගොල්ලන්ගේ සිරුර  පෘෂ්ටීය , ගුද හා වල්ග වරල් වලින් අලංකාර වී තිබෙන අතර වල්ගා වරල පිහාටු වැනි උපාංග වලින් තවත් ලස්සන වෙලා තියෙනවා. රංචු විදියට ජීවත් වෙන සාමකාමී මසුන් විශේෂයක් උනත් වෙනත් මසුන් විශේෂ එක්ක ඉන්නකොට නම් ටිකක් විතර කලබලකාරී වෙන්න පුළුවන්. හොඳ තත්වයෙන් යුතුව වර්ධනය වෙන්න නම් අඩුම තරමේ මසුන් 06 කින් වත් යුතු රංචුවක් එකට ඉන්න ඕනේ. පිරිමි මසුන් අඟල් 3ක් (8.5 cm ) පමණ දක්වා උපරිම වර්ධනයක් පෙන්වන අතර අඩුම තරමේ ගැලුන් 40ක් හෝ ඊට වැඩි ටැංකියක් සැපයීම සුදුසුයි. මධ්‍යය