Posts

Showing posts from January, 2018

ගෙදර පොකිරිස්සෙක් ඇතිකරමු ද?

Image
Procambarus clarkii (Red swamp crayfish) කැමති ද පොකිරිස්සෙක් ඇති කරන්න ? ඇතිකරන්න කලින් එයාල ගැන ටිකක් තොරතුරු දැනගනිමු .  වර්ෂ 1852 දී Girard විසින් හඳුනාගන්නා ලද , Red swamp crayfish කියල හඳුන්වන මෙයාල උතුරු ඇමෙරිකාව නිජබිම කරගත්ත මිරිදිය පොකිරිස්සන් විශේෂයක්. පසු කාලීනව මෙයාල නැගෙනහිර ආසියාව , බටහිර , මධ්‍යම හා දකුණු යුරෝපය , දකුණු හා නැගෙනහිර අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ වගේම දකුණු හා මධ්‍යම ඇමෙරිකා වැනි කලාප වලට හඳුන්වා දීල තියෙනව. සෙමින් ගලායන ජලයෙන් යුතු ඇල මාර්ග , අතු ගංගා , ජලාස , වගුරු තමා මෙයාලගේ වාසස්ථාන වෙන්නේ . නියං හෝ තද සීත කාල වලදී හාරාගත් ගුල් තුලට වී ආරක්ෂා වෙන්න මෙයාලට පුළුවන්.මෙයාලා ටිකක් කලහකාරී හැසිරීමක් සහිත විශේෂයක්. Mudbug , Louisiana crayfish කියන නම් භාවිතා වලින් හඳුන්වන්නේත් මෙයාලම තමා. වර්තමානය වන විට ජලජ ජීවින් ඇති කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය නිසා විවිධ වර්ණ වලින් යුතු අලුත් විශේෂ ත් දකින්න පුළුවන්. ශරීර ලක්ෂණ අඟල් 3-5ක් පමණ උපරිම වර්ධනයක් ඇති මොවුන් ගේ බර ග්රෑම් 50-80ක් පමණ වෙනවා. උපරිම ආයු කාලය අවුරුදු 3-5 පමණ කියලය

හැඩකාර පීකොක් බාස් මසුන් ගැන දැනගනිමු.

Image
Peacock Bass ( Cichla ocellaris ) පීකොක් බාස් , එහෙමත් නැත්නම් සික්ලා ඔසෙලාරිස් කියන්නේ ටිකක් ලොකු මින් මැදුරකට ගැලපෙන ආකර්ශනීය මත්ස්‍යයෙක්. මෙයාගේ විශාලත්වය හා ශරීර හැඩය නිසා බොහෝ දෙනෙක් බාස් වර්ගයක් ලෙස වරදවා හඳුනාගන්නා නමුත් මෙයාල ඇත්තටම සික්ලිඩ් වර්ගයක්. වල්ගා වරලේ ඇති ඇහැක් වැනි මෝස්තරය නිසා තමා මෙයාලට ocellaris කියන නම ලැබිල තියෙන්නේ. පීකොක් සික්ලිඩ් , බටර්ෆ්ලයි පීකොක් බාස් , පීකොක් බාස් සහ අයි ස්පොට් සික්ලිඩ් කියන නම් වලින් හඳුන්වන්නෙත් මෙයාලම තමයි. දකුණු ඇමෙරිකාව නිජබිම කරගත්ත මෙයාලව හඳුනා ගෙන තියෙන්නේ වර්ෂ 1801 දී Bloch සහ Scneider විසින්. කොලොම්බියාව , වෙනිසියුලාව , ගයානා , Suriname , ප්‍රංශ ගියානාව හා බ්‍රසීලයේ විශාල ජලවහන පද්ධති තමා මෙයාලගේ ස්වභාවික වාසස්ථාන. ඒ හැරුනම සිංගප්පුරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හමුවන පීකොක් බාස් මසුන් පසු කාලීනව ඒ රටවලට හඳුන්වා දුන් මසුන් .  මෙයාල ආහාර අවශ්‍යතා සඳහා වගේම විනෝදයට මසුන් ඇල්ලීම සඳහාත් විවිධ රටවලට හඳුන්වා දී තිබෙනවා. මෙයාල ස්වභාවික පරිසරයේ දී වේගයෙන් ගලා යන ජලයේ වගේම තරමක ගැඹුරින් යුතු නිශ්චල ජලයෙ

අලංකාර ෆ්ලවර්හෝන් මසුන් ගැන දැනගනිමු.

Image
ෆ්ලවර්හෝන් සික්ලිඩ් කියන්නේ මිනිසුන් විසින් නිර්මාණය කරන ලද අපූරු දෙමුහුන් මත්ස්‍ය විශේෂයක්. වර්ෂ 1990 මැද භාගයේ දී මලයාසියාවෙන් වගේම එම වසරේ ම අග භාගයේ දී තායිවානයෙන් තමා මෙයාල මුලින්ම වාර්තා වෙන්නේ. මෙයාලගේ ආංශික රේඛාව ( Latteral Line) දිගට ඇති මල් මෝස්තරයක් වගේ තියෙන තද පැහැති ලප සහ වැඩුණු මසුන්ගේ හිසෙහි අඟක් මෙන් දිස්වන මොල්ලිය නිසා මෙයාලට ෆ්ලවර්හෝන් කියන නම ලැබිලා තියෙනවා. මලයාසියානුවන් මෙයාල හඳුන්වන්නේ Warships කියන නමින්. Hua Lao Han සික්ලිඩ් කියලා හඳුන්වන්නේ ත් මෙයාල ම තමා. Trimaculatus සහ දකුණු හා මධ්‍යම ඇමෙරිකානු සික්ලිඩ් මසුන් මිශ්‍ර කිරීමෙන් පළමු ෆ්ලවර්හෝන් මත්සයන් බිහිකර ඇති බවට සඳහන් වෙනවා. ෆ්ලවර්හෝන් මසුන්ගේ සහ ට්‍රයිමැක් සික්ලිඩ් මසුන් අතර ඇති ඇතැම්  සමානතා වලින් ඒ බව තහවුරු වෙනවා. පසු කාලීනව විවිධ සික්ලිඩ් වර්ග මිශ්‍ර කර ඇති වූ විශේෂ සඳහාත් ෆ්ලවර්හොන් යන නම භාවිතා කරන්න පුරුදු උනත් ඇතැම් විශේෂ වල නම සඳහා මුල් වූ සිරුරේ මල් මෝස්‌තර රටාව වත් දකින්න නම් නෑ . Trimac Cichlid  මෙයාලගේ මොල්ලිය හැදිලා තියෙන්නේ මේදය තැන්පත් වීමෙන්. ඔයාලගේ ෆ්ලවර්හෝන් ට ටික ක