Posts

Showing posts from October, 2018

චන්නා පවුලේ චුටි හැඩකාරයා රේන්බෝ ස්නේක්හෙඩ්

Image
Channa bleheri සාමාන්‍ය ව්‍යවහාරයේ දී රේන්බෝ ස්නේක්හෙඩ් ( Rainbow Snakehead) , ස්මූත් බ්‍රෙස්ටඩ් ස්නේක්හෙඩ් (Smooth – Breasted Snakehead) සහ වෝකින් ස්නේක්හෙඩ් (Walking Snakehead) යන නම් වලින් හඳුන්වන   මොවුන් තුල තරමක් අසාමාන්‍ය ලක්ෂණ දැකිය හැකිය. ඇසෑම් ප්‍රදේශයේ දී ස්වදේශිකයන් සෙන්ගෙලි/ චෙන්ගෙලි යන නම් මොවුන් හැඳින්වීමට භාවිතා කරයි.   ඉතාමත් වර්ණවත් මොවුන් කුරු වර්ගයේ ( Dwarf ) ස්නේක්හෙඩ් මසුන් වන අතර ම ශ්‍රෝණි වරල ඌන වී ගිය මත්ස්‍යය චන්නා විශේෂ අතරින් එක් විශේෂයකි. ඒ වගේම මෙම රේන්බෝ ස්නේක්හෙඩ් විශේෂය උතුරු මියෙන්මාරයට ආවේණික Channa burumanica ට ඉතා කිට්ටු සමානකම් දක්වන බව සඳහන්. සෙන්ටි මීටර 14-17 ක පමණ උපරිම වර්ධනයක් පෙන්වන රේන්බෝ ස්නේක්හෙඩ් , චන්නා පවුලේ කුඩා ම සාමාජිකයන් අතරෙහි ලා සැලකේ. ඒ වගේම ලංකාවට ආනයනය කල මුල්ම චන්නා විශේෂයන්ගෙන් එකක් වෙන්නේ ත් මේ Channa blehri .   වර්ෂ 1991 දී Virke විසින් මොවුන් නාමකරණය කර ඇති අතර ජර්මන් ජාතික මත්ස්‍යය විද්‍යාව සහ උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂකයකු, චායාරුප ශිල්පියෙකු , ගත් කතුවරයෙකු වගේම චිත්‍රපට නිෂ්පාදකයෙකු වූ

Channa පවුල ගැන දැනගනිමු.

Image
Channa එහෙමත් නැතිනම් සාමාන්‍ය ව්‍යවයාරයෙන් ස්නේක් හෙඩ් කියලා හඳුන්වන මෙයාල Channidae කුලයේ දිගු ඉතිහාසයකට උරුම කම් කියන ආදී කල්පික මසුන් කාණ්ඩයක්. මුල් කාලීනව මොවුන් Perciformes ගෝත්‍රයට අයත් වන්නන් ලෙස සැලකුනත් පසු කාලීන ව කරන ලද ප්‍රවේණිය පිලිබඳ අණුක විද්‍යාත්මක අධ්‍යනයන් වලින් පැහැදිලි වී ඇත්තේ මොවුන් වඩාත්ම කිට්ටු ඥාතීත්වයක් දක්වන්නේ   ශ්වසන අවයවයක් මගින් වායුගෝලයේ ඔක්සිජන් ලබාගත හැකි , අස්ථිමය හෝ දෘඩ කටු වැනි දාර සහිත වරල් දරන මත්ස්‍යයන් අයත් වන Anabantoids ගෝත්‍රයට බවයි. ඒ වගේම Spiny eel මසුන් අයත් වන Synbranciformes ගෝත්‍රයට ද මොවුන්ගේ කිට්ටු සබඳතා ඇති බවට හෙළි වී ඇත. Channa ගණයට දැනට හඳුනාගත් නාමකරණය කරන ලද විශේෂ 36ක් පමණ අයත් වේ. ජෛව භූ විද්‍යාත්මකව ගත් කල   ආසියාවේ පුළුල් ව්‍යාප්තියක් දැකිය හැකි අතර මොවුන් ගිනිකොණදිග ඉරානය , නැගෙනහිර ඇෆ්ගනිස්ථානය , පකිස්තානය , ඉන්දියාව , දකුණු නේපාලය , බංග්ලාදේශය , මියෙන්මාරය , තායිලන්තය , ලාඕසය , මලයාසියාව , සුමාත්‍රා , ඉන්දුනීසියාව , වියට්නාමය , කොරියාව සහ චීනය වගේම   සයිබීරියාව නිජබිම් කොට ගෙන වාසය කරයි. Chan

දැක්කම භය හිතෙන වැම්පයර් ටෙට්‍රා ගැන දැනගනිමු.

Image
Hydrolycus armatus හයිඩ්රොලයිකස් ආර්මටස් එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ Payara, Sabertooth Characin, Sabertoothed Tiger Fish, Vampire Fish, Vampire Tetra   කියන නම් වලින් හඳුන්වන මත්ස්‍යයා අයත් වෙන්නේ අපි කවුරුත් හොඳින් දන්නා කුඩා නියෝන්ටෙට්‍රා මසුන්ගේ සිට විශාල පාකු , පිරානා වැනි මසුන්වත් අයත් වෙන Characiformes එහෙමත් නැත්නම් Characin කියන මත්ස්‍ය වංශයට . බ්‍රසීලයේ ස්වදේශික භාෂාවෙන් මොවුන් හඳුන්වන්නේ “ Cachorra” , “Pirandira” කියන නම් වලින්. විද්‍යාත්මක නාමකරණයට අනුව මෙම මත්ස්‍යා ගේ වංශය , කුලය , ගණය ගැන දැක්වෙන්නේ පහත ආකාරයට. Kingdom : Animalia                 සත්ව රාජධානිය Phylum : Chordata             පෘෂ්ටවංශීන් Class : Actinopterygii                 කටු සහිත මසුන්ගේ උප වර්ගයක් වන මෙයට අස්ථිමය හෝ දෘඩ දාර සහිත වරල් ඇති මසුන් අයත් වේ. Order : Characiformes                 අස්ථිමය හෝ දෘඩ දාර සහිත වරල් දරන මිරිදිය මසුන් මෙම ගෝත්‍රයට අයත් වන අතර පරිණාමික ව මොවුන්ගේ විකාශනය පුර්ව ක්රෙටෙසියස් යුගය දක්වා ඈතට විහිදේ. Characin පවුලේ