Posts

ජලය නැතුවත් ජිවත් වන අපුරු මාළුවා...

Image
Marbled Lungfish/Leopard Lungfish (Proptopeterus aethiopicus aethiopicus) වාසස්ථාන/ව්‍යාප්තිය හා පසුබිම අප්‍රිකාවේ ජලාශ සහ නයිල් ගංගාවෙන් හමු වී ඇති මේ මත්ස්යාට මේ නම කියන්න හේතුව පින්තුරේ දුටු ගමන් ම වැටහෙන්න ඇති නේද? මෙයාගේ ඇඟේ තියෙන මේ අපුරු රටා නිසා තමා මේ නම් ලැබිල තියෙන්නේ. මෙයාලා Diponi කියන ආදිකල්පිත මත්ස්‍ය උපවර්ගයේ සාමාජිකයින්. සමහරු මෙයාලා ලෝක ආරම්භයේ සිටම පැවතගෙන එන ජීවින් විශේෂයක් බවට මත පල කරනවා. මෙයාලට සාමාන්‍ය වායුගෝලයේ දී හුස්ම ගන්න පුළුවන්. ෆොසිල සාක්ෂි වලින් සනාථ වෙලා තියෙන විදියට වසර මිලියන ගණනාවක් තිස්සෙම මෙයාලගේ කායික ව්‍යුහයේ කිසිදු වෙනස් කමක් සිදු වෙලා නෑ . එක්තරා යුගයක දී ලොව පුරාම පුළුල් ව්‍යාප්තියක් පැවතුනත් වර්තමානයේ දී මධ්‍යම දකුණු ඇමෙරිකාව, මධ්‍යම අප්‍රිකාව සහ නැගෙනහිර මධ්‍යම ඔස්ට්‍රේලියාව යන ප්‍රදේශ වලට සීමා වෙලා තියෙනවා. අතීතයේදී කරදියේත් වාසය කල බව පැවසුනත් මෙයාල දැන් නම් මිරිදියේ විතරයි ඉන්නේ. එදා මෙදා තුර ලන්ග් ෆිෂ්ලගේ සිදු වූ එකම වෙනස ත් එය බවයි සඳහන් වෙන්නේ. වාතයේ මෙන්ම ජලයේ දී ත් ඔක්සිජන්  ලබාගැනීමේ හැකියාව නිසා මෙයාට Lu...