Posts

වෛවර්ණ රටා මවන පර්ල් ඩානියෝ

Image
Celestichthys margaritatus  ( Celestial Pearl Danio )   සිප්රිනිඩේ පවුලේ තවත් අලංකාර සාමාජිකයෙක් ගැන තමයි අද කතා කරන්නේ. ප්ලාන්ටඩ් ටෑන්ක් වලට කදිමට ගැලපෙන මෙයාල විසිතුරු මසුන් කර්මාන්තයට හඳුන්වා දී ලොකු කාලයක් ගත නොවුනත් ලෝකය පුරා මසුන් ඇතිකරන්නන් අතර ගොඩක් ජනප්‍රිය වෙන්න මෙයාලගේ අපුරු වර්ණ රටාවන් හේතු වෙලා තියෙනවා.වර්ෂ 2007 දී Roberts විසින් මොවුන් හඳුන්වා දෙනු ලැබූ බවයි සඳහන් වෙන්නේ. මෙයාලගේ නම හැදිලා තියෙන්නේ ලතින් වචන වල එකතුවකින්. දිව්‍යමය යන තේරුම ඇති caelestis යන වදන මත්ස්‍යයා යන තේරුම ඇති ichthys වදන හා එක් වීමෙන් Celestichthys යන කොටස ලැබී ඇති අතර margaritatus යන ලතින් වදනේ තේරුම මුතු වලින් අලංකාර වූ යන්නයි. Chili Rasbora, Fireworks Rasbora, Galaxy Rasbora, Microrasbora sp. ‘Galaxy’ කියන විවිධ වූ නම් වලින් හඳුන්වන්නේ ත් මෙයාලම තමයි. මුලින්ම Microrasbora sp. , Galaxy , Galaxy Roasbora   ලෙසින් සිංගප්පුරුවේ දී වෙළඳ පොලට නිකුත් වූ මේ මසුන් සති දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුල දී ජාත්‍යන්තර වෙළඳපොල තුල ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. මෙසේ ඇති වූ දැ...

ගෙදර පොකිරිස්සෙක් ඇතිකරමු ද?

Image
Procambarus clarkii (Red swamp crayfish) කැමති ද පොකිරිස්සෙක් ඇති කරන්න ? ඇතිකරන්න කලින් එයාල ගැන ටිකක් තොරතුරු දැනගනිමු .  වර්ෂ 1852 දී Girard විසින් හඳුනාගන්නා ලද , Red swamp crayfish කියල හඳුන්වන මෙයාල උතුරු ඇමෙරිකාව නිජබිම කරගත්ත මිරිදිය පොකිරිස්සන් විශේෂයක්. පසු කාලීනව මෙයාල නැගෙනහිර ආසියාව , බටහිර , මධ්‍යම හා දකුණු යුරෝපය , දකුණු හා නැගෙනහිර අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශ වගේම දකුණු හා මධ්‍යම ඇමෙරිකා වැනි කලාප වලට හඳුන්වා දීල තියෙනව. සෙමින් ගලායන ජලයෙන් යුතු ඇල මාර්ග , අතු ගංගා , ජලාස , වගුරු තමා මෙයාලගේ වාසස්ථාන වෙන්නේ . නියං හෝ තද සීත කාල වලදී හාරාගත් ගුල් තුලට වී ආරක්ෂා වෙන්න මෙයාලට පුළුවන්.මෙයාලා ටිකක් කලහකාරී හැසිරීමක් සහිත විශේෂයක්. Mudbug , Louisiana crayfish කියන නම් භාවිතා වලින් හඳුන්වන්නේත් මෙයාලම තමා. වර්තමානය වන විට ජලජ ජීවින් ඇති කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය නිසා විවිධ වර්ණ වලින් යුතු අලුත් විශේෂ ත් දකින්න පුළුවන්. ශරීර ලක්ෂණ අඟල් 3-5ක් පමණ උපරිම වර්ධනයක් ඇති මොවුන් ගේ බර ග්රෑම් 50-80ක් පමණ වෙනවා. උපරිම ආයු කාලය අවුරුදු 3-5 පමණ ක...

හැඩකාර පීකොක් බාස් මසුන් ගැන දැනගනිමු.

Image
Peacock Bass ( Cichla ocellaris ) පීකොක් බාස් , එහෙමත් නැත්නම් සික්ලා ඔසෙලාරිස් කියන්නේ ටිකක් ලොකු මින් මැදුරකට ගැලපෙන ආකර්ශනීය මත්ස්‍යයෙක්. මෙයාගේ විශාලත්වය හා ශරීර හැඩය නිසා බොහෝ දෙනෙක් බාස් වර්ගයක් ලෙස වරදවා හඳුනාගන්නා නමුත් මෙයාල ඇත්තටම සික්ලිඩ් වර්ගයක්. වල්ගා වරලේ ඇති ඇහැක් වැනි මෝස්තරය නිසා තමා මෙයාලට ocellaris කියන නම ලැබිල තියෙන්නේ. පීකොක් සික්ලිඩ් , බටර්ෆ්ලයි පීකොක් බාස් , පීකොක් බාස් සහ අයි ස්පොට් සික්ලිඩ් කියන නම් වලින් හඳුන්වන්නෙත් මෙයාලම තමයි. දකුණු ඇමෙරිකාව නිජබිම කරගත්ත මෙයාලව හඳුනා ගෙන තියෙන්නේ වර්ෂ 1801 දී Bloch සහ Scneider විසින්. කොලොම්බියාව , වෙනිසියුලාව , ගයානා , Suriname , ප්‍රංශ ගියානාව හා බ්‍රසීලයේ විශාල ජලවහන පද්ධති තමා මෙයාලගේ ස්වභාවික වාසස්ථාන. ඒ හැරුනම සිංගප්පුරුව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හමුවන පීකොක් බාස් මසුන් පසු කාලීනව ඒ රටවලට හඳුන්වා දුන් මසුන් .  මෙයාල ආහාර අවශ්‍යතා සඳහා වගේම විනෝදයට මසුන් ඇල්ලීම සඳහාත් විවිධ රටවලට හඳුන්වා දී තිබෙනවා. මෙයාල ස්වභාවික පරිසරයේ දී වේගයෙන් ගලා යන ජලයේ වගේම තරමක ගැඹුරින් යුතු නිශ්චල ...