Posts

සජීවී ෆොසිල බඳු ඇලිගේටර් ගාර් මසුන්

Image
ගාර් පවුල පිළිබඳව මුල් ලිපියේ සඳහන් කල පරිදි ඉතා පැරණි මත්ස් ‍ යය පවුලක් වන ගාර් පවුලේ ප් ‍ රමාණයෙන් විශාල ම සාමාජිකයා වනුයේ ඇලිගේටර් ගාර් මසුන් ය . වර්ෂ 1803 දී Lacepede විසින් Lepisosteus spatula ලෙස   නාමකරණය කරනු ලැබූ ඇලිගේටර් ගාර් මසුන් , වර්ෂ 1976 දී Wiley විසින් Atractosteus spatula ලෙසින් නැවත නාමකරණය කරනු ලබන්නේ Lepisosteidae කුලය ට ගණ දෙකක් අයත් වන බව හඳුනාගැනීම හේතුවෙනි . ලතින් සම්භවයක් ඇති ග් ‍ රීක වදනක් වන Spathe වදනින් Spatula යන නාමය ලබා දී ඇති අතර spathe යන්නෙහි අරුත පුළුල් පැතලි තලයක් ඇති මෙවලමක් යන්න ය . සාමාන් ‍ යය ව් ‍ යවහාරයේ දී ඉංග් ‍ රීසි බසින් ඇලිගේටර් ගාර් , ගේටර් , ග් ‍ රේටර් ගාර් , ගාර්පයික් , ගාර්ෆිෂ් හෝ මිසිසිපි ඇලිගේටර් ගාර් යන නම් වලින් හඳුන්වන මොවුන් සඳහා විවිධ රටවල විවිධ නම් භාවිත වේ . එනම් ස්පාඥ්ඥ භාෂාවෙන් Pejelagarto, marjuari, catan, gaspar baba යන නම් ද ප් ‍ රංශ භාෂාවෙන් garpigue alligator ලෙස ද , ඩෙන්මාර්කයේ දී alligatorpan...