Black Wolf Fish / Hoplias curupira ,Oyakawa & Mattox,2009
මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව නිජබිම කරගත් Hoplias ගණය ට මේ වනවිට හඳුනාගත් මත්ස්‍යය විශේෂ 13ක් අයත් වේ. මොවුන් ගේ ශරීර ප්‍රමාන සැලකු විට සෙන්ටි මීටර 100ක් පමණ දක්වා වැඩෙන Hoplias aimara සහ Hoplias macrophthalmus මෙම ගණයේ විශාලතමයන් වන අතර සෙන්ටි මීටර 15ක් පමණ වන Hoplias teres කුඩාතමයා වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ Trahiras ලෙස පොදුවේ හඳුන්වන මොවුන් අයත් වනුයේ Erythrinidae මත්ස්‍යය කුලයට ය. බ්ලැක් වුල්ෆ් මසුන් දකුණු ඇමෙරිකාවට ආවේනික වේ. Hoplias යන ගණ නාමය Hoplon යන ග්‍රීක වදනින් බිඳී ආවක් වන අතර එහි අරුත ආයුධය ( weapon) යන්න ය. Curupira යන වදන බ්‍රසීලියානු ජන ශ්‍රැති වල එන චරිතයක් වන අතර ස්වදේශිකයන් විසින් කුරුපිරා විසින් වනාන්තර ආරක්ෂා කරනු ලබන බවට විශ්වාස කරයි. පුරාවෘත වලට අනුව කුරුපිරා ස්වදේශික Amerindian ජන වර්ගයේ දරුවෙක් වන අතර ඔහුගේ දෙපා වල පතුල් පිටුපසට පිහිටා ඇත. ව්‍යාප්තිය හා වාසස්ථාන. දකුණු ඇමෙරිකාවේ උතුරු කොටසේ පුළුල් ව්‍යාප්තියක් පෙන්වන බ්ලැක් වුල්ෆ් මසුන් වෙනිසියුලාව , ගයානාව , සුරිනාමය සහ බ්‍රසීලයේ ඇමසෝන් සහ ඔරිනෝකෝ ගංගා ද්‍රෝණි සහ ඒවායේ අතු ගංග