ගෝල්ඩන් ස්නේක්හෙඩ් මසුන් ගැන දැනගනිමු.
Channa stewartii ( Golden Snakehead / Assamese Snakehead ) වර්ෂ 1867 දී Playfair විසින් හඳුනාගෙන ඇති මොවුන් බ්‍රහ්මපුත්‍ර ගංගා ද්‍රෝණිය සහ Ganges ගංගා ද්‍රෝනියට පමණක් සිමා වූ අලංකාර වර්ණරටා වලින් යුතු මත්ස්‍ය විශේෂයක්. දැනට ඉන්දියාව , නේපාලය සහ බංගලිදේශය යන රටවල දී ස්වභාවික පරිසරයෙන් මොවුන් හමුවෙනවා. හමුවන ප්‍රදේශ සහ ඔවුන්ගේ වර්ණරටා අනුව විවිධ නම් වලින් හඳුන්වනවා. Channa stewartii special, CF Barca, Globale Blue, Violet Blue, Golden Beam , Black Galaxy, Karbi Anglong, Kalikhola යන විශේෂ අතර Garo Hill වැනි ඉතා විරල විශේෂ ද හමුවෙනවා. ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවත් ආක්‍රමණශීලී මත්ස්‍යයෙක් නිසා තනිව හෝ නිවැරදි යුගලක් ලෙස ඇතිකිරීමයි වඩාත්ම සුදුසු. පිරිමි සත්වයා ගැහැණු මාළුවාට සාපේක්ෂව වර්ණවත් බැවින් වැඩි අතර වරල් වල ප්‍රමාණය ද විශාල යි. අඟල් 10ක පමණ උපරිම වර්ධනයක් පෙන්වන මොවුන් තමන්ගේ සහකරුවා තමන් විසින්ම හොයාගන්න මත්ස්‍ය විශේෂයක්. මින් මැදුරු වලින් මිලදී ගන්නේ නම් මසුන් තේරීමේ දී ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොවුන්ගේ බෝවීම සඳහා උෂ්ණත්වය අඩු වීම වැනි පාරිසරික සාධක බලපාන...